ඇසට කාච දැමීමේදී පසු විපරම ගැනත් සිතන්න

ඔක්තෝබර් 9, 2020

වර්තමාන කාලයේදී අක්ෂි රෝගීන් බොහෝ සේ වර්ධනය වීමක් දක්නට ලැබෙන  කාරණයකි. වඩාත් ම සෑදෙන ආබාධය නම් ‘සුද’ නම් රෝගය ඇස පුරා ආක්‍රමණය කිරීමයි. මෙය කළු ඉංගිරියාවේ බබා (කුණිතය) කරා පැමිණි පසු ඇසේ පෙනීම නැතිවේ. 

 ‘සුද’ යනු අසාධ්‍ය රෝගයක් වේ. ඇසට යමක් තදින් වැදීම නිසා ඇතිවන සුද කලක් යාමෙන් මතුවේ. එමෙන්ම පටල අවස්ථාවේ පවතින සුද රෝගියාගේ ඇසට දැලක් දැම්මා වැනි අවස්ථාවක් එළැඹේ. ව්‍රණ සහිත සුද නම් රෝගය ස්වභාවයේදී සුද සහිත ස්ථානය ගිලුණු ස්වභාවයකින් යුතුව කටුවකින් විද්දාක් මෙන් ඇත. මෙහිදී උණුසුම් කඳුළු වැගිරේ.දැඩි වේදනාවක් ඇත. මාධව නිදානයේ මෙකී රෝගය විස්තර කිරීමේදී ආලෝකය බැලීමේ අපහසුතාවය , ඉදිමුම, ඇස පමණක් නොව හිසද වේදනාවට පත්වන අතර, ඇස් රත් පැහැ ගැන්වේ. මෙය මල් පොල ලෙස ද හඳුන්වා දිය හැක. එය විළඳ වට්ටියක් සේ පෙනේ. ව්‍රණ රහිත සුද මෙම රෝගය ඇතිවනු ලබන්නේ 

1.ශරීර උෂ්ණය නිසා ඇතිවන සුද

2.මූලාග්නියෙන් 

(අර්ශස්වලින්) ඇතිවන සුද 

3.තැල්මෙන් ඇතිවන සුද 

4.සුද බිංදුවෙන් ඇතිවන රෝග 

5.අභිෂ්‍යන්දය නම් රෝග 

හේතුවෙන් ඇතිවන සුද 

යනුවෙනි. මෙකී හේතු නිසා වැඩි වශයෙන් සුද ඇතිවේ. ව්‍රණ රහිත සුද  කෘෂ්ණ මණ්ඩලයෙහි සුදු වළා පටලයක් සේ ඇතිවේ. තරමක් වේදනාවකින් යුක්තය. හිරු එළිය බැලීමේ අපහසුව හා කඳුළු ගැලීමේ අපහසුය. එය ස්වල්ප වශයෙනි. 

ඇස් රක්ත වර්ණයෙන් යුතුවේ. දෘෂ්ටි මණ්ඩලය මධ්‍යයෙහි ව්‍රණ රහිත සුද ඇතිවුවහොත් පෙනෙන වස්තූන් පැහැදිලිව නොපෙනේ. පටලයකින් වැසුවාක් මෙන් දෘෂ්ටි මණ්ඩලය අවට සුද ඇති වුවහොත් ස්වල්ප වශයෙන් පෙනීමේ වෙනසක් ඇති විය හැකිය. සමහර විට මෙකී සුද කෘෂ්ණ මණ්ඩලයෙහි කීප පළකම වුවද ඇති විය හැකිය. මෙය සාධ්‍ය රෝගයකි. 

අජකා නම් අක්ෂි රෝගය

මෙම රෝගයෙහි ස්වභාවය එළුවන්ගේ බෙට්ටක් හා සමානය .ඇසේ ඇතිවන ලද තුවාලයකට නිසියාකාර ප්‍රතිකාරයක් නොලැබීම හේතුවෙන් මෙසේ රෝගය හට ගනී. අජකාව කෘෂ්ණ මණ්ඩලය වසාගෙන උස්ව පිහිටනු ලැබේ. උල්වාරම නමින් හඳුන්වන අජකාව ප්‍රථමයෙන් සුළු වශයෙන් උඩට නෙරා ඒමට පටන් ගනු ලැබේ. මේ අවස්ථාවට පෙර ප්‍රතිකාර කිරීමෙන් ප්‍රබල තත්ත්වයක් උදා නොවේ. මෙවැනි රෝග සඳහා කෘත්‍රීම කාච දැමීමට නොහැකිය. ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් මෙවැනි රෝග මැඬපවත්වා ගත හැකිය. සිලිකෝන් නමින් හැඳින්වෙන කෘත්‍රීම කාචය ඉතා සියුම් සිවියකි. සුද ඇසට පැමිණි පසු කුණිතය ඉවත්කර කෘත්‍රීම කාචය තැන්පත් කෙරේ. මෙම කාචය යුතු උපදෙස් රාශියක් ඇත. පොඩි බරක් වුවද හිස මත දරාසිටීමට නොසුදුසුයැ. ස්නානයේදී මෙන්ම දැඩි ලෙස හිසට එකවර ජලය පහරක් නොදරා සියුම් ජල ධාරාවක් පතිත කළ යුතුය. එනම් කුඩා බඳුනකින් හිසට ජලය වත් කළ යුතු වේ. බිම දෙස බැලීම ද අවදානම් යැ. 

කාචය දැමූ පසු නියමිත දින ගණනක් ඇස වසාගෙන සිටිය යුතුවේ. එසේම දෛනික කටයුතුවලට විරාමයක් තැබීමට සිදුවේ. මෙම කර්තව්‍යයේදී සිතට මෙන්ම ගතට ද දැඩි වෙහෙසක් දැනෙනු ඇත හරියාකාර නින්දකට මඟ ඇසිරෙනු ඇත. පීඩා ගෙන දෙන අව්රශ්මියට ආවරණය කළ යුතුය. දිගු කලක් ප්‍රවේශම් සහිතව කල් හැරීමට සිදුවේ. 

එනමුත් ආයුර්වේද වෛද්‍ය මතානුකූලව උක්තව දක්වන ලද ප්‍රබල නීති මාලාවකට එකඟ වීමට සිදු නොවේ. ඇසේ සුද පැමිණි පසු එම සුද පහවන තෙක් ඇසට තෙපුල් දීම එනම් ඖෂධීය ජලයෙන් තැවීම, ඇසට ඔසු යෙදීම, ඇස වටා ඔසු ආලේපනය, ක්ෂාය වර්ග පානය කිරීම, ඍත කල්ක වැළඳීම ආදී ඔසු පංතිය අනුගමනය කිරීමෙන් ඕනෑම අක්ෂි රෝගයක් දිනා ගත හැකිය. කාච තැන්පත් කරන අයගෙන් සාමාන්‍ය පෙනීමක් හෝ ඇතිවන්නේ 25% ක් පමණ විය හැකිය. 

මෙකී කාච එක් එක් මිල ගණන්වලට ඇත. සමහර රෝගීන්ට මෙම කාච නොමිලේ ලබාගත හැකිය. නමුත් මේවායේ ප්‍රමිතිය කෙසේදැයි තක්සේරු කළ නොහැකිය. මෙම කාච තැන්පත් කළ අයගෙන් ඇස් පෙනීම 80% ක් පමණ දුර්වල බව මට නොබියව ප්‍රකාශ කළ හැකියැ. හේතුව මෙතෙක් දහස් ගණනකගෙ ඇස් පිරික්සමින් ඔවුන් සුවපත් කර දැන ඇති පළපුරුද්ද නිසාවෙනි. මගේ පියතුමා දක්ෂ පාරම්පරික අක්ෂි වෛද්‍යවරයෙකු බැවින් එතුමාගේ අනු දැනුම ඇතිව ලද පුහුණුවට අමතරව, ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවලින් ලබා ගත් අධ්‍යාපනයට ද අනුව, බොහෝ කල් සිට රෝගීන්ට ප්‍රතිකාර කරමින් දිවංගත මගේ පියතුමාට ගෞරවයක් ගෙන දෙමින් රෝගීන් සුවපත් කරමි. 

අපේ ශ්‍රී ලංකාද්වීපයේ මෙතෙක් කල් නොසිදු වූ ආකාරයෙන් දෘෂ්ටියට මෙසේ කාච තැන්පත් කළ ද ඉන්පසු රෝගියා ඇසට වූයේ කුමක්ද යන්නට කාච තැන්පත් කළ වෛද්‍යවරයා වගකිව යුක්තෙක් වීද? වැඩි පිරිසකගේ නෙත්වල කාච තැන්පත් කළ වෛද්‍යවරයා පසු දිනම විදේශගත වී නම් රෝගියාගේ පසුවිපරම ගැන සොයා බලන්නේ කවුද? මුදලට යටවුණු සමාජයක සෑම දෙයම තක්සේරු කිරීම මුදලින්ම බව සෑම දෙනාටම වැටහෙන කාරණයකි. 

එනිසා අසරණ රෝගීන්ගේ නෙත්හි කාච තැන්පත් කළ පසු ටික කලෙකින් නොපෙනී යනු ඇත. ඊට පසු එම ඇස් සඳහා කිසිඳු ප්‍රතිකාරයක් කළ නොහැකිය. අසරණ වෙන්නේ රෝගීන් නොවෙද? 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.