විවාහය වෙත යොමු වන ග්‍රහ යෝග

මාර්තු 22, 2019

මෙලොව එළිය දකින සෑම පුද්ගලයකු ම සමාජ සබඳතා ඇතිකර ගනිමින් ජීවිතය ගෙන යයි. එයට හේතුව කිසිදු පුද්ගලයකුට හුදෙකලා ජීවිතයක් ගතකිරීමට නොහැකි වීම යි. කෙසේ හෝ අවට සමාජයෙන් උදව් ලබාගත යුතුය. මේ අතර ප්‍රධාන සබඳතාවය ලෙස විවාහය හඳුනාගත හැකිය. මෙලොව උපන් සෑම අයෙකුම විවාහයක් අරමුණු කරනු ඇත. තම විරුද්ධ ලිංගිකයා කෙරෙහි ආකර්ෂණයක් ඇතිකරගනු ඇත.

මූලිකවම යහළු මිත්‍රකම් හා හිතවත්කම් වල සිටම යම් ආකාරයක ඡ්‍යොතිෂ්‍යානුකූල ගැලපීමක් මෙහිදී පෙන්වා දීමට හැකිය. රාශි, දොළස දෙස බැලීමේ දී එහි මූලිකව එක් බෙදීමක් වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ ලෙස බෙදීයන එකම කොටසට අයත් ලග්න හිමි පුද්ගලයන් තම තමන් වෙත විශේෂ හිතවත්කමක් ඇතිකරගනු ඇත. එනම් පඨවි ධාතුවට අයත් ලෙස සලකන වෘෂභ, කන්‍යා, මකර ලග්න හිමියන්ද, ආපෝ ධාතුවට අයත් ලෙස සලකන කටක, වෘශ්චික, මීන ලග්න හිමියන්ද තේජෝ ධාතුවට අයත් මේෂ,සිංහ, ධනු ලග්න හිමියන්ද වායෝ ධාතුව අයත් මිථුන, තුලා, කුම්භ ලග්න හිමියන්ද බොහෝවිට නොදැනුවත්වම ඔවුනොවුන්ට විශේෂ සුහදතාවයක් දක්වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මොණරාගල දුටුගැමුණු මාවත,

රුවන් එච්.අත්තනායක

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.