ඤාණයට අධිපති බුධ කන්‍යාවේ ඔටුණු පළඳයි

අගෝස්තු 30, 2019

චන්ද්‍ර, බුධ, කුජ, ශනි, චන්ද්‍ර, ශුක්‍ර ත්‍රිකෝණ දෘෂ්ටියෙන් කන්‍යා රාශිය, මකර නවාංශකය, උතුරුපල නැකතේ දෙක පාදය පෙරදැරිව සිංහ රවි 26 භාග සැප්තැම්බර් 11 බුධ දින පෙරවරු 04.59 ට ඤාණ කාරක බුධ ග්‍රහයා මූල ත්‍රිකෝණව උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් කන්‍යා රාශිගතව විරාජමාන වෙන්නේ ය.

විධායක බලය, විපක්ෂය, ශ්‍රී ලංකා ජනරජය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජන ජීවිතය පිළිබඳව දේශපාලනික වේදිකාව බුධ ග්‍රහයාගේ ඤාණාලෝකය තුළින් ද බුද්ධිමත් විශාරද වියතුන්ගේ සංකල්පනා කෘෂිකාර්මික, කාර්මික, කම්කරු, සමස්ත ජනතා සංවර්ධනමය පසුබිමක් සඳහා යොමුවීමද මෙකී බුධ ග්‍රහයාගේ කන්‍යා රාශි සම්ප්‍රාප්තිය සමඟම විද්‍යාමාන වීමෙහිලා බොහෝ දුරට ඉඩකඩ ඇත. කෘෂිකාර්මික කාර්මික ක්ෂේත්‍රයන්හි ප්‍රධානම වැඩිවෙන ජනගහනයට රැකියා ආදායම් මාර්ගයද පාරිභෝගික පැතිකඩද සලකාබලා ජනතාවට හිතකර දැවැන්ත සංවර්ධන සැළසුම් කඩිනමින්ම ත්‍රිසිංහලය පුරාවට ක්‍රියාත්මක කරළීම ආශි‍්‍රතවූ ව්‍යායාමයක සමාරම්භය වීමෙහිලා ද බුධ ග්‍රහ මාරුව ග්‍රහණය වෙන්නේ ය.

මිත්‍රශීලී වූ අඟහරු ග්‍රහයා සමඟ රාජ්‍ය කාරක රවි ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් සිංහ රාශි උදාවේ ලග්නගතවීමද විධායක බලය ප්‍රාණවත්ව ජාතියෙහි ජීවනාලිය වූ කාර්මික කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නව ගමන් මඟකට තුඩුදෙන සැළසුම් සමඟ ක්‍රියාකාරී බවක් දර්ශනය විය හැක. බුධගේ ස්වක්ෂේත්‍ර බලය සමග නීච වූ සිකුරු ආර්ථිකමය සංවර්ධන රාමුව වූ දෙවැන්න වූ ද සමාණගතව ඇත. බුධ චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය මත 02, 06, 10 අර්ථ කෝණය කෙරෙහි විධායක බලයෙහි දෘෂ්ටියට පාත්‍ර වීම දේශයෙහි ජය සංඛ නාදය විවරවීමකි. එනම් රංගනයන් සමඟ වවාගෙන වවාගෙන ප්‍රදර්ශනාත්මක ඇස් බැන්දුම් සිකුරුයේ නීච වීමෙන් ද විමර්ශනාත්මකව අව්‍යාජව විය යුතු ජනතා මෙහෙරව විවෘත වී යාමෙකි.

07 පිටුවට..

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ 
විජිත ඩී. ලියනආරච්චි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.