සෙන්පති අඟහරු සිංහය කළඹයි

ජූලි 2, 2021

දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි කටක රවි 05 භාගය ඇසළ මහේ පුර එකොළොස්වක තිථිය මා, පුවපල්, උත්‍රපල් ආශි‍්‍රත පාද නවයක් ගෙවා සැප්තැම්බර් 06 දක්වා මිත්‍රශීලීව සටන්කාමී අඟහරු රවි හිමි සිංහ රාශියෙහි විශ්වය පුරා ආඥාචක්‍රය පතුරවමින් විරාජමාන වෙන්නේ ය.

රවි හිමි සිංහ රාශිය මේෂ නවාංශකය කේතු හිමි මා නැකත - සෙනසුරු 22 වෙනි මාරක දෙර්කාණාධිපති අඟහරු මාන්දිවෙමින් චන්ද්‍රයා බාධක ග්‍රහයාද ලෙස යෙදී නැඟෙනහිර ක්ෂිතියෙහි අඟහරු හිමි වෘශ්චික රාශිය උදාවේදී චන්ද්‍රයා නීචව කේතු උච්චවද ප්ලූටෝ වක්‍රව සතුරුව සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍රව වික්‍රමස්ථානය වූ තුන්වැන්නේ ද බ්‍රහස්පති සමව චක්‍රව නැප්චූන් වක්‍රව සමව සිව්වැන්නේ ද, යුරේනස් සමව රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේ ද උච්ච රාහු හත් වැන්නේද බුධ ස්වක්ෂේත්‍රව මෘත්‍යු ස්ථානය වූ අට වැන්නේ ද රවි මිත්‍රශීලිව නව වැන්නේ ද අඟහරු මිත්‍රශීලී සිකුරු සතුරුවද කර්මස්ථානය වූ දස වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය තැම්පත්ව යෙදෙන්නේ ය.

ජුලි 20 සිට සැප්තැම්බර් 06 දක්වා කුජ, රවි හිමි සිංහයෙහි රැඳී සිටීම ත්‍රාසය භීතිය විනාශකාරී ව්‍යාජ ක්‍රමෝපායන් දැඩිමුවහත්ව සක්‍රීයවීමේ ප්‍රවණතාවය විශ්ව මේෂ රාශියට මෙන්ම ජනරජ සිංහ රාශියට ද අතිශය ප්‍රබල වෙන්නෙ ස්ව ඓතිහාසික අයථා, අනියම්, අසම්මත හේතු සාධක උත්පාදනය බිහිසුණු බවක් ගනු ලබයි. බොහෝ දුරට අතුරු අනතුරු බහුල කෙරෙන බවක් අනාවරණය කෙරෙයි. ස්ත්‍රී පුරුෂ නොනිසි මඟකට පරිවර්තනය අනායාශයෙන් සිදු වෙන්නෙකි.

මහා පරිමාණ ව්‍යාපෘති, කර්මාන්ත සංවර්ධන ක්‍රියාකාරකම් සමාරම්භව ධනවාදී ප්‍රබල රාජ්‍ය යාන්ත්‍රණ වාණිජ ලෝකයෙහි පෙරමුණ ගනු ඇත. 21 ශත වර්ෂයෙහි 1/5 ක් ගතකොට මහා පරිමාණයෙහි පංචභූත සංකලන රටාවෙන් විපරීත විකෘතිකර රංගනයන් විශ්වය පුරාවට සමතුලිතව හිස ඔසවයි. සාමාන්‍ය පුරවැසි ජනතාවගේ මානව හිමිකම් හා බැඳි නිදහස මූලික කොටගත් නව ප්‍රඥප්ති එක්සත් ජාතීන්ගේ කඩිනම් අවධානයට පාත්‍ර විය හැක. ජීවත්වන මනුෂ්‍යාට පරිභෝජනය සහ නිදහස පිළිබඳ සමාජයෙහි ප්‍රබල කතාබහට තුඩුදෙනු ඇත. විශ්ව ප්‍රජාව තොමෝ පරිභෝජනය සහ නිදහස පිළිබඳ වඩාත්ම අවධාණය මෙන්ම සූදානම පිණිස විශ්ව තාරකා චන්ද්‍ර කිණියෙහි ගිනියම් වී ප්‍රසාරණයවීම අඟහරු සිංහ රාශි ප්‍රවේශය දැඩි විමර්ශනයකට තුඩු දී ඇති බැව් සළකනු මැනවි.

 

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.