කාන්තා කේන්දරයක අසුබ පල දෙන ග්‍රහ යෝග

අප්‍රේල් 22, 2022

ස්ත්‍රී කේන්ද්‍රවල පරපුරුෂගාමී සැමියාට ද්‍රෝහීවීම්, දරුවන්ට වෙනස්කම් කිරීම වැනි අශූභ ක්‍රියාවලට පොලඹවන ග්‍රහයෝග යෙදී ඇත.

සමහර විට දැරියක් මල්වරවීමටත් ප්‍රථම අවස්ථාව ඇත. කාමාධික කාන්තාවක් ජනිත කරවන අතිධාවන කාමයෝග තිබේ නම් වයස 12ක් 13ක් අතර කාලයේ සිට පුරුෂයින්ගේ පහත් ආශා ඉටුකිරීමට පෙලඹෙන්නේ ඉතා රහසිගතවයි. සිකුරු මකර හෝ කුම්භ නවාංශක ගතව ශනි තුලා හෝ වෘෂභ නවාංශකයකින් එකක් යෙදී ජනිත වු කාන්තාව පරපුරුෂගාමී ජීවිතයක් රහසින් හෝ ගතකරයි.

මේෂ ලග්නයෙන් ජනිත කාන්තාවකගේ ලග්නයේ සඳු යෙදී එම සඳු පාපින්ගේ ග්‍රහ දෘෂ්ටිවලට ලක්වීම එම කාන්තාව විවාහයෙන් පසුව දුරාචාරයට ලක්වේ. වෘෂභ ලග්නයෙන් ජනිතව හත්වැන්නේ කුජ යෙදී එම කුජ ලග්නගත ශනිගේ දෘෂ්ඨියට ලක්වීම රහසිගතව වරදේ බැඳෙන කාන්තාවක් ජනිතකරවයි.

මිථුන ලග්නයෙන් සිකුරු හත්වැන්න යෙදී සිංහ රාශි ගතව ශනි යෙදීම කාන්තාවකට අහිතකර ග්‍රහ පිහිටීමකි. මල්වරයෙන් පසුව ඉතා කෙටි කලකින් කාමාතුරයකුගේ ග්‍රහණයට හසුවී චරිතය අපිරිසුදු කර ගෙන පසුකාලයක අභිසරු ලියක් බවට පත් වේ. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරකරන වනිතාවක් බිහිකරයි.

සිංහ ලග්නයෙන් ජනිතව හතර වැන්නේ සඳු යෙදී අමාවක තිථියෙන් උපත ලද කාන්තාව අනුන්ගේ යෙහෙළියන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන කුහක නපුරු සිත් ඇත්තියකි. තම සහෝදරියන් සමඟ වෛරයෙන් කල්ගෙවයි. ඉතා අවාසනාවන්ත ජීවිතයක් ගත කරයි. මේෂ ලග්නයෙන් ජනිතව ලග්නයේ ශනි යෙදී හත්වැන්නේ සඳු සිකුරු යෙදුණ කාන්තාව විවාහයෙන් පසුව අගහිඟකම නිසා නොමඟට යොමු කරවන්නීය. රූමත් කාන්තාවකි. අඩු වයසින් විවාහවී විවාහය අවාසනාවන්ත කරගත්තියකි.

සඳු කාන්තා කේන්ද්‍රයක වෘශ්චික රාශිගතව උපතේ යෙදුණ කාන්තාව විවාහයෙන් පසුව සැමියාගේ කරදර මැදින් ඉතා දුක්බර ජීවිතයක් ගත කරන්නීය. සැමියා සුරාසොඬෙකි. අමාවක තිථියෙන් උපන් කාන්තාවන්ගේ ජීවිතය කරදර සහිත වේ. නිරත හිත්කලකිරීම් වලින් පීඩා විඳින්නියක වන්නීය.

මිථුන ලග්නයෙන් උපත ලබා කුජ, බුධ ලග්න ගත තැනැත්තිය මායම් යොදා සැමියා රවටාගෙන රහසිගත පර පුරුෂයින් ඇසුරු කරන්නීය. අමාවක තිථියෙන් ඉපදී සඳු නීච රාශිය යෙදුණ කාන්තාවන්ගේ ජීවිත කරදර බාධක මැදින් ගෙවීයයි. ධනය හීනවේ. විවාහවී ටික කලකින් සැමියා ඇය සහ දරුවන් අතහැර යයි. සිකුරුත් අවපස සඳුත් කටක රාශිගතව යෙදීම දුෂ්ට කාන්තාවක් ජනිත කරවන ග්‍රහ බලයක් වේ.

අමාවක දිනක වෘෂභ ලග්නයෙන් ජනිත වී හත්වැන්නගතව සඳු යෙදුණ කාන්තාව විවාහ වී ටික කලකින් වැන්දඹු වන්නීය. අවාසනාවන්ත ජීවිතයක් ගත කරයි. නොමගට යන්නේ නැත. කලකිරීමෙන් ජීවිතය ගෙවී යයි.

අමාවක තිථියෙන් වෘෂභ ලග්නයෙන් හත්වැන්නේ සඳු ශනි යෙදුණ වනිතාවගේ විවාහ ජීවිතය අසාර්ථක වී දුක්බර ජීවිතයක් ගත කරන්නීය. සමහරවිට දරුවන් කුඩා කලදීම සැමියා හදිසියේ මිය යාමට ඉඩ ඇත.

මේෂ ලග්නයෙන් ජනිතව එහි සිකුරු යෙදී බලවත් පාප ග්‍රහයකුගේ දෘෂ්ටිවලට ලක්ව උපන් වනිතාව දුක්කරදර මැදින් ඉතා අවාසනාවන්ත ජීවිතයක ගත කරයි. එහෙත් ඇයව නොමඟට යොමු කරවා ගැනීමට නොහැකි වන්නීය.

වෘශ්චික ලග්නයෙන් උපත ලබා ලග්නයේ සිකුරු ද ශනි හත්වැන්න ගතව උපන් කාන්තාව ළමා කල සැප සම්පත් සහිතව හැඳුනත් අඩුවයසින් හිතුවක්කාර විවාහයක් කරගෙන ජීවිතය පුරාවටම දුකින් කාලය ගෙවන්නීය.

 

 

ඡ්‍යොතිෂවේදී ගොඩගම

ජයසේන ජයසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.