මැයි මස 18 වැනි බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මැයි 17, 2023

ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.20 


රාහු කාලය - දහවල් 01.40 - 03.14
අලුයම 01.33 - 03.00

සුබ දිසාව - නැඟෙනහිර

මේෂ
සිතේ පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි. නිතර පවුලේ කටයුතු පිළිබඳ සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ. නිතර ආගම දහමට ළැදිව කටයුතු කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත.

වෘෂභ
ලැබීම් අතින් යහපත් දිනයකි. කරගෙන ගිය කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සහෝදර බැඳීම්වලට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක් කරයි.

මිථුන
පැවැති අවිවේකී බව මඟ හැරී යයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට මඟ සැලසේ. විදෙස් ලැබීම් අතින් යහපත් දිනයකි. පවුලේ වගකීම් වැඩිවන දිනයකි.

කටක
අවිවේකී ලෙස උදාවන දිනයකි. එමෙන්ම ගතසිත වෙහෙස කරන කටයුතු අධික කරයි. ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල දිනයක් වන අතර, ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයකට හේතු ඇත.

සිංහ
මනසට පීඩාකාරී ලෙස දවස ආරම්භ කරයි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරයි. දේපළ ලැබීමකට හිමිකම් ඇත.

කන්‍යා
ආදායම් මාර්ගවල වෙනස්කම් කීපයක් සිදුකරන දිනයක් වන අතර, පවුලේ අය අතර, කැපී පෙනෙන බවක් ද පෙන්නුම් කරයි. වරින් වර සෙම් රෝග බහුල කරයි. ආහාර පානාදිය පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා
නිතර ඇවිදිලි ඇති කරන දිනයකි. ශාස්ත්‍රීය කටයුත්කට සම්බන්ධ වීමට මඟ සැලසේ. රැකියාවේ කටයුතු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. දරුවන්ගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

වෘශ්චික
ඉදිරි කටයුතු පිළිබඳ පැවැති බාධාකාරී බව මඟහැරී යන දිනයකි. පවුලේ වැඩිහිටියන්ගේ උදව් උපකාර ඇතිව කරගෙන යන වැඩපිළිවළක් සාර්ථක කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

ධනු
මෙතෙක් පැවැති බලාපොරොත්තු කීපයක් ඉටු කරයි. සහෝදර උපකාරයක්ද සිදුකරන දිනයකි. පැවැති මුදල් අපහසුතා කීපයක් මඟහැරී යයි. උගුර ආශි‍්‍රත ආබාධයක් හෝ සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳී.

මකර
අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන දිනයකි. හදිසි ගනුදෙනුවකට සම්බන්ධවීමෙන් වාසි කීපයක් සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ මානසික අසහනකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා ගමන් බිමන් බහුල කාලයකි.

කුම්භ
වගකීම් බහුලවන දිනයකි. නිතර තමා සොයාගෙන එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් ද පෙන්නුම් කරයි. දරුවකු සම්බන්ධ සතුටට පත්විය හැකි දිනයකි. තෑගි භෝග හිමිකරන කාලයක් බවද පෙන්නුම් කරයි.

මීන
හදිසි වියදමක් දැරීමට සිදුවීමෙන් පවුලේ ගැටලුකාරී බවක් ඇති කරයි. අලුත් ගේ දොර පදිංචියකට කටයුතු සැලසෙන අතර ගේ දොර අලංකාරය වෙනුවෙන් ද වෙහෙසෙන බවක් පෙන්වයි. පවුලේ අයගේ ප්‍රශංසා හිමිවන දිනයකි.

ජ්‍යොතීර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.