මැයි මස 30 වැනි අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මැයි 30, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.53 
ඉර බැසීම - ප.ව. 06.23
 
රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 04.49 දක්වා 
අලුයම 03.00 - අලුයම 04.27 දක්වා 
 
ශුභ දිසාව - නැඟෙනහිර 
 
 
මේෂ ලග්න 
සතුරු කරදර පැවතියේ නම් ඒවා තුරන්ව යන දිනයක් වන අතර සිතට සහනයක් සතුටක් ගෙනදෙන කරුණු ඇතිවේ. හිතවතුකුගේ අසනීප තත්ත්වයක් ගැන හෝ කරදරයක් ගැන කතා කිරීමට ද ලැබෙනු ඇත. 
 
වෘෂභ ලග්නය 
බාහිර කරදර නිසා හිතට සහනයක් නොමැති දිනයක් වන අතර කරගෙන යන කටයුතුවලට පවා බාධා මතුවේ. පෙරකළ වරදකට දඬුවම් ලැබීමට වුවත් ඉඩ ඇති අතර බඩේ අමාරු අජීර්ණ ගති ඇතිවනු ඇත.
 
මිථුන ලග්නය 
ගෙදර දොර සැප පහසුව අඩුව යන අතර අන් අය සමඟ අවුල් වියවුල් මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු වනු ඇත. අධික වියදමක් දැරීමට හෝ මිල මුදල් හානියකට ද ඉඩ ඇති දිනයකි. 
 
කටක ලග්නය 
බලාපොරොත්තු සහිතව කටයුතු කරන දිනයක් වන අතර හිතවත් අයකුගේ ඈත් වීමක් මෙන්ම අලුත් හිතවත් පිරිසක් ආශ්‍රයට ලැබෙන දිනයක්ද වනු ඇත. මිල මුදලක් ලැබීම පිළිබඳ හිතේ බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරනු ඇත. 
 
සිංහ ලග්නය 
වියදම් අධික දිනයක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට හෝ කැඩිබිදි යාමටද  කරණු යෙදෙනු ඇත. අලාභ හානි සහ කටයුතුවලට බාධා ගෙන දෙන දිනයක් වන අතර උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට සිදුවනු ඇත. කෑම බීම ගැනීමට පවා ප්‍රමාද වනු ඇත. 
 
කන්‍යා ලග්නය 
ශරීරයෙහි නිරෝගී බවක් ඇති වන අතර සිතේ සතුටට කරුණු සැලසෙනු ඇත. කලින් දිනවල පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර කෑම බීම වල යම්කිසි වෙනසක් ද  ඇතිවනු ඇත. පි‍්‍රය සම්භාෂණවලට සහභාගිවීමට වුවත් ඉඩ ලැබෙනු ඇත. 
 
තුලා ලග්නය 
කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාද වීම් ගෙන දෙන අතර අලාභ හානියකට හෝ තමා සතු වටිනා දෙයක් නැතිවීමට ද පුළුවන. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවන අතර ශරීර ආබාධයකට ද ඉඩ තිබේ. 
 
වෘශ්චික ලග්නය 
ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ලැබෙන අතර වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට ලාභ ලැබෙන දිනයකි. ගෙදර දොර සැප පහසුව ඇතිවන අතර ආශ්‍රය කරන්නන්ගේ පී‍්‍රතියට කටයුතු සැලසේ. 
 
ධනු ලග්නය 
අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයක් වන අතර හොඳින් කාලය ගත වේ. පවුලේ වැඩිහිටි අයෙක් සමඟ ආශ්‍රයක් හෝ ගනුදෙනුවක් කිරීමට කටයුතු සැලසෙන අතර උනන්දුව ඇතිවේ. කම්මැලි ගති නැති වේ. 
 
මකර ලග්නය 
පිනට දහමට, ශ්‍රද්ධාවක් ඇතිවන අතර අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිව කාලය ගතවනු ඇත. කුඩා දරුවන්ගෙන් කරදර හා ඔවුන් නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර ගෙදර දොර අඩුපාඩුකම් ඇතිවීමටද ඉඩ තිබේ. 
 
කුම්භ ලග්නය 
ආහාර දිරවීමේ අපහසුතාවයක් ඇතිවන අතර කනගාටුදායක සිදුවීමක් හෝ සිතට දුකක් දැනෙන දෙයක් ඇසීමට හෝ එවැනි දෙයකට මුහුණදීමට සිදුවනු ඇත. කරගෙන යන කටයුතුවලට අවුල් වියවුල් බාධා ඇති විය හැකි අතර සර්ප බියකටද හේතු යෙදෙණු ඇත. 
 
මීන ලග්නය 
මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් ඇතිවනු ඇත. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන අතර නිදා ගන්නා තැන වෙනස් කිරීමට වුවත් ඉඩ ඇති දිනයකි. 
 
ජ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.