වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
සුබ හෝරාවෙන් වාසනාව උරගාන්න
සැප්තැම්බර් 6, 2019
වාසනාව උර ගෑමට පෙර තමන් ගේ හඳහන පරික්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යෙන් ම වාසනාව උදා වෙනු ඇත. අසුබ හෝරා වලින් වාසනාව උර ගෑම අත් හැර තමන් ට අයත් සුබ හෝරාවලින් වාසනාව උරගා බලන්න. ඔබට ජය අත් වෙනු නියතය.
වාසනාව උර ගෑම සඳහා විවිධ ක්‍රම ඇත. රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත්. අශ්ව රේස්, කැසිනෝ, මැණික් ගැරීම් හා නීති විරෝධි කාඩ් සෙල්ලම් ආදි ක්‍රම වලින් වාසනාව උර ගෑමට පුලුවන. බොහෝ අය වාසනාව උර ගාන්නේ වාසනාව නො ලැබෙන අසුබ වේලාවන් තුළ ය. ඔබේ ලග්නය අනුව සුබ හෝරාවෙන් වාසනාව උර ගාන්න. අනිවාර්යයෙන් ම ඔබට ජයග්‍රහණයක් උදා වේ.
රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත් රාශියක් දැනට වෙළඳ පොළේ ඇත. වාසනාව උර ගෑම සඳහා ලොතරැයි පත් ගන්නේ ලොකු තෑග්ගත් බලාපොරොත්තුවෙනි. ධනවත් වී හොඳ යහපත් ජීවිතයක් ගත කිරීම කාගෙත් ආශාවකි. එම වාසනාව ලබා දෙන භාග්‍යයක් ඔබට තිබේදැයි බැලිය හැකි එකම මාර්ගය වන්නේ ඔබේ උපන් වේලාවට සාදා ඇති හඳහන යි. හඳහන නිවැරදිව පරික්ෂා කිරීමෙන් ඔබට වාසනාව තිබේදැයි පැහැදිලිව දැන ගත හැකිය. ඔබ උපන් ලග්න අනුව ඔබට සුබ දින හා සුබ හෝරාව දී තිබේ. ඔබ වරක් මෙම සුබ හෝරාවෙන් වාසනාව උරගා බලන්න.
මෙම ලිපියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සුබ හෝරාවෙන් වාසනාව උර ගෑමේ මාර්ගය පහදා දීමයි. ඒ සඳහා පළමුව ඒ ඒ ලග්න වලට වාසනාව උර ගෑම සඳහා සුබ පල දෙන ග්‍රහයා හඳුනා ගත යුතු ය. සමහර ග්‍රහයින් අසුබ පල දෙන අතර සමහර ග්‍රහයින් සුබ පල දෙයි. විශේෂයෙන් ඒ ඒ ලග්න වලට හිමි යෝග කාරක ග්‍රහයා වාසනාව උර ගෑම සඳහා ලොකු උපකාරයක් කරයි. ඔබේ ලග්න අනුව සුබ ග්‍රහයින් මෙන් ම යෝග කාරක ග්‍රහයා පහත දැක් වේ.
මේෂ ලග්නය
මේෂ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි , සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා ගුරු ය. මේෂ ලග්නයෙන් උපන් අයට බ්‍රහස්පතින්දා උදේ 6.00-7.00 හා දවල් 1.00- 2.00 අතර ගුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු යන හෝරා වලින් වාසනාව උර ගාන්න.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරු ය. වෘෂභ ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00- 2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.
මිථුන ලග්නය
මිථුන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. මිථුන ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00 -2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
කටක ලග්නය
කටක ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ, සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. කටක ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
සිංහ ලග්නය
සිංහ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. සිංහ ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උර ගාන්න.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ හා සිකුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. කන්‍යා ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ හා සිකුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
තුලා ලග්නය
තුලා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ කුජ, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරු ය. තුලා ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල කුජ– බුධ , සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ, හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සඳු ය. වෘශ්චික ලග්නයෙන් උපන් අයට සඳුදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සඳු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උරගාන්න.
ධනු ලග්නය
ධනු ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. ධනු ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00 -2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
මකර ලග්නය
මකර ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ , සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. මකර ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න.
කුම්භ ලග්නය
කුම්භ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. කුම්භ ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, සිකුරු හා සෙනසුරු හෝරාවලින් වාසනාව උරගාන්න.
මීන ලග්නය
මීන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. මීන ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, බුධ. සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න. සුබ හෝරාව සඳහා දී තිබෙන වේලාව හිරු උදාව අනුව ගලපා ගත යුතුය. මෙම හෝරාවල පංචම හෝ සූක්ෂම හෝරාවෙන් වාසනාව උර ගාන්න. ලොතරැයි පත් ලබා ගන්නා දිනයට අයත් නැකත හා තමන් ගේ නැකත සමඟ සම්පත් යෝගයක් තිබේ නම් හෝරාව බලවත් ය. එම හෝරාව පක්ෂියා රජ වන වේලාව අයත් නම් වඩාත් සුදුසු ය.
වාසනාව උර ගෑමට පෙර තමන් ගේ හඳහන පරික්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යෙන් ම වාසනාව උදා වෙනු ඇත. අසුබ හෝරා වලින් වාසනාව උර ගෑම අත් හැර තමන් ට අයත් සුබ හෝරාවලින් වාසනාව උරගා බලන්න. ඔබට ජය අත් වෙනු නියතය.
ඡ්‍යොතිර්වේදී
ග.මු.සුබසිංහ
මාදිවෙල, කෝට්ටේ
෴ සබැඳි ලිපි ෴
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00