කාල සර්ප යෝගය ඔය කියන තරම් නරකද ?

ජුනි 12, 2020

කාලසර්ප යෝගය ගැන අති විශාල පාඨක පිරිසකගේ අවධානයට යොමු වී ඇති සිරස් තලයකි. හැටේ දශකයේ බිහිවූ ඡ්‍යොතිෂ පුවත්පත් හරහා කාලසර්ප යෝගය පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලදී.

මේ යෝගය අන්‍ය ග්‍රහයෝගයන්ට වඩා නපුරු යැයි මනෝමය පරිකල්පනයක් දෝලනය වනුයේ විශේෂයෙන්ම සර්පයන වචනය නිසා යැයි හැඟේ. විෂම යෝගයක් ලෙසද එකවරම තීරණයක බැස තිබෙන බැව් පැහැදිලිය.

ඉතාම පැරණි ග්‍රන්ථවල මෙම යෝගය ගැන එතරම් අවධානයක් යොමුවී නැත්තේ ඒ ගැන වැඩි තැකීමක් නොමැති බැවිනි.

කෙසේ වෙතත් ඡ්‍යොතිෂවේදියෙකු වෙතට ජන්ම පත්‍රයක් ඉදිරිපත් කළ විට අසන්නේ මේ කාල සර්ප යෝගය නිසා විවාහයට අසුබ ඵල ලැබේද යන්නයි. ඡ්‍යොතිෂවේදියා මෙම යෝගය පිළිබඳව අරුත තේරුම් කිරීමේදී වඩාත් ගැටලුවකට මුහුණපෑමට සිදුවන්නේ සර්ප යන වචනයත් සමඟ නිරන්තර ගැටුමකට මුලපිරීම නිසාය.

මෙතරම් සංකීර්ණයෝගයක් ගැන ඇතමුන් ඉතා සරල ලෙස කරුණු ඉදිරිපත් කරන බවද පෙනේ. රාහු කේතු දෙදෙනාට මැදිවී සියලුම ග්‍රහයින් සිටින විට කාල සර්පයෝගය උදාවන බැව් පෙනේ.

ග්‍රහයින් එකම පැත්තකට වී සිටීම නිසා ග්‍රහ රශ්මි කදම්භය පොළොවේ එක් (පෘථිවියේ) එක් කොටසකට පමණක් පතිතවීම හේතු කොට ගෙන එවන් අවස්ථාවල උපදින අයට එයින් බලපෑම් ඇතිවන හෙයින් කැපී පෙනෙන ඌනතාවයන්ට මග පෑදෙනු ඇතැයි වෙනත් මතයකි. තවද මෙය ඉතාම අවාසනාවන්ත යෝගයක් සේද සමහර අය සලකති.

ලෝකප්‍රකට මහජනනායකයින් ගේ කේන්ද්‍රවල පවා කාලසර්ප යෝගය යෙදී ඇති අයුරු දක්නට තිබේ.

දැඩි ලෙස කැපවීමෙන් ජීවිතය ජය ගැනීමට උත්සාහයක යෙදෙන අයගේ කේන්ද්‍ර වලද මෙකී යෝගය යෙදී සිටීම විශේෂිත ලක්ෂණයකි. ධනය සම්පත් ශක්ති ප්‍රදාහය පිරිස් බලය ජනනායකත්වය වැනි දිරිය සමත් කෝටි ප්‍රකෝටිපති අයගේ පවා මෙම ග්‍රහ යෝගය සමහර විට යෙදී ඇති අයුරු දක්නට තිබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.