වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
මැයි මස 22 වැනි සඳුදා - ලග්න සහ රාහු කාලය
මැයි 21, 2023
ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.21
රාහු කාලය - උදේ 07.27 - 09.14
රාත්‍රී 07.47 - 09.14
සුබ දිසාව - දකුණ
මේෂ ලග්නය
ව්‍යාපාර කටයුතු වැනි දෙයට යහපත් දිනයක් වන අතර වැඩිහිටි අයගෙන් උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවනු ඇත. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකියි. අද දවස තුළ දී සතෙක් නිදහස් කිරීමෙන් ඔබට සුබ ඵල නිරෝගි බව ලැබෙනු ඇත.
වෘෂභ ලග්නය
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළ යුතු දිනයක් වන අතර සැප පහසුව ඇතිව හොඳට නිදා ගන්නට ලැබෙනු ඇත. විවාහ ජීවිතයේ ගැටලු ඇතිවන දිනයක් බැවින් සහකාරිය හෝ සහකරු සමඟ කරන කටයුතුවලදී බොහෝ පරිස්සම් විය යුතුය. මුත්‍රා ආබාධ උදර රෝගවලට හේතුවන දිනයකි.
මිථුන ලග්නය
වස්තු ලාභ ලැබෙන දිනයක් වන අතර බලාපොරොත්තුව සිටි යම් දෙයක් ඉටුවන අතර හොඳ ආහාරපාන වර්ග ලැබෙන දිනයකි. නමුත් ආහාර දිරවීමේ අපහසුතාවන් ඇතිවනු ඇත.
කටක ලග්නය
සිත පීඩා කරන, කේන්ති යන ගති ඇතිවන දිනයක් වන අතර හිතේ චංචල බව නිසා හිත එක අරමුණක තබාගෙන කටයුතු කිරීමට අපහසු වනු ඇත. කම්සැපට බාධා ඇතිකරයි. අජීර්ණ රෝග නිසා පීඩා විඳීමට සිදුවන බවක් ද පෙන්නුම් කරයි.
සිංහ ලග්නය
නින්දට බාධා, නින්ද නොයෑම්වලට ඉඩ ඇති අතර අධික වියදම් ද යෙදෙනු ඇත. කරන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවන අතර ගෙදර දොර අපිළිවෙළ තත්ත්වයක්ද ඇතිවනු ඇත. පපුවේ සෙම ගතිය ඇති දිනයකි.
කන්‍යා ලග්නය
වියදම් වැඩි දවසක් වන අතර කලකින් හමු නොවූ අයකු හමුවීම මත හිතට සතුටක් ද දැනෙනු ඇත. ස්ත්‍රී සැප අඩු දිනයක් වන අතර මිල මුදල් ලැබෙයිද නොලැබේද යන්න සැකයක් ඇතිව කටයුතු කිරීමට සිදුවේ. අද දින ඇඳ ඇතිරිලි වැනි දෑ පරිත්‍යාග කිරීම යහපත් වනු ඇත.
තුලා ලග්නය
මුදල් වියදම් කිරීමට යම් කරුණක් යෙදෙන අතර බලාපොරොත්තු කඩව යනු ඇත. උත්සාහයෙන් වැඩකළ යුතු දිනයක් වන අතර විවාහක අයට තම බිරිඳ හෝ ස්වාමියාට සුළු හෝ ආබාධයක් ඇතිවන දිනයකි.
වෘශ්චික ලග්නය
අදහස්වල දැඩි බවක් පෙන්නුම් කරන අතර පෞද්ගලික කටයුතුවලට සිත ඇදී යන අතර තරමක ආත්මාර්ථකාමී ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. සෙම් අමාරු මෙන්ම ශරීරයට අධික වෙහෙසකර ගතියක් ද දැනෙනු ඇත.
ධනු ලග්නය
සුළු තුවාල ඇතිවිය හැකි දිනයක් මෙන්ම අවුල් වියවුල්වලට මැදිවීමට ද ඉඩ තිබේ. කරගෙන යන කටයුතු ඇණ හිටීමට හෝ ප්‍රමාදවීමට කරුණු යෙදේ අන් අය සමඟ ආශ්‍රය කිරීමේ දී පරිස්සම් විය යුතු ය. කෘමි සතුන්ගෙන් පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු ය.
මකර ලග්නය
මුදල් ලාභ ලැබෙන වාසනාවන්ත දිනයක් වන අතර සම වයසේ ස්ත්‍රී පක්ෂයේ අය සමඟ කතාබස් කිරීමට ආශ්‍රයට ඉඩ ලැබෙන අතර ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන එනවා ඇත. ලෞකික දෙයට ලැදි වේ.
කුම්භ ලග්නය
මිථ්‍යා දෘෂ්ටික කටයුතු කෙරෙහි හිත යොමුවන අතර, ශරීර සෞඛ්‍යයට යහපත් දවසකි. අන් අය ගරු සැලකිලි දක්වන දිනයක් වන අතර රැකියා කටයුතුවලට යම් යම් බාධා ගෙන දෙනු ඇත. විශේෂයෙන් මවගෙන් උපකාර ලැබෙනු ඇත.
මීන ලග්නය
ශරීරයෙහි දුර්වල ගතියක් ඇතිවන අතර කරදර සහිත දවසකි. ඇඳුම් පැළඳුම්වල ඉක්මනින් කුණු තැවරෙන අතර ඉරියාමට හෝ නැතිවී යාමට හෝ තම වස්ත්‍රයක් වෙන කෙනෙක් පාවිච්චි කරනු දිනයකි.
ඡ්‍යොතිෂවේදිනී,
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00