මන්දායුෂ ඇති කරන ග්‍රහයෝග

අප්‍රේල් 5, 2019

බල හීන වූ චන්ද්‍රයා දොළොස්වැන්නේ සිටියදී ලග්නයෙන් අටවැන්නේ පාපයන් සිටියදී කේන්ද්‍රයේ ශුභ ග්‍රහයෝ නොසිටියේ නම් එම ජන්මියා ටික කලකින් මිය යනු ඇත.

ළදරුවකුගේ ජන්ම කේන්දරයක් සාදා ප්‍රථමයෙන්ම පරීක්ෂා කළ යුත්තේ ආයුෂ පරීක්ෂා කිරීමයි. ආයුෂ හීන කෙනෙකුගේ අධ්‍යාපනය රැකී රක්ෂා විවාහය වාසනාව ආදිය ගැන සෙවීම පළක් නැත.

මේ සඳහා ලග්න රාශියද ලග්නාධිපති ද ලග්නයේ සිටින ග්‍රහයන්ද රවිගේ සහ චන්ද්‍රයාගේ බල දුබලකම්ද අටවැන්න අධිපතියා ගැනද කරුණු සොයා බැලිය යුතු ය. සමහර ළදරුවන් උපන් මොහොතේදීත් තවත් අය සුළුවේලාවකදීත් තවත් අය පැය කීපයකදීත් ආදී වශයෙන් අඩු වයස්වලදී මිය යනු දැකිය හැකිය.

අඩු වයස්වලදී මිය යාමට හේතුවන්නේ මන්දායුෂ ග්‍රහයෝග පිහිටීමයි. එබැවින් මන්දායුෂ ග්‍රහ යෝග පිළිබඳව කරුණු සොයා බලමු.

ජන්ම ලග්නය කටකය හෝ වෘශ්චිකය වී රාශි චක්‍රයේ පූර්වභාගයේ පාප ග්‍රහයනුත් අපර භාගයේ සෞම්‍ය ග්‍රහයනුත් සිටියහොත් එම ජන්මියා උපන් මොහොතේම මිය යනු ඇත.

රවි, සඳු, ලග්නස්ඵුටය, ලග්නාධිපති යන කරුණු සතර අශුභ දෘෂ්ටි හට සංයෝග ආදියෙන් පීඩා වීම ආයුෂ හීන වීමට හේතුවේ. මෙම ස්ඵුට හතර ගුරු සිකුරු දෙදෙනාගේ ශුභ දෘෂ්ටි ශුභ සංයෝග නොලැබුනේ නම් උපන් වහාම මිය යනු ඇත. යමෙක් උපදින කල ලග්නයේ, අටේ, හතේ, පාප ග්‍රහයකු සමඟ සඳු සිටියදී එම සඳු සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් නොවූයේ නම් උපන් වහාම මියයනු ඇත. තවද දොළොස්වැන්නේ සඳු පාප ග්‍රහයකු සමඟ සිටියදී සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් නොවුයේ නම් ද වහා මිය යනු ඇත.

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, යාන්ත්‍රික ඉංජිනේරු, නිශාන්ත විජේසේන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.