ඉෂ්ට දේවතාවන් වහන්සේ

ජුනි 26, 2020

ඉෂ්ට දේවතාවා ගැන සලකා බලන විට යම් පුද්ගලයෙකුගේ ආරක්ෂාවට යම් යම් දේවතාවන් සිටින බවට මතයක් පැරැණි කාලයේ සිටම තිබේ. 

ආගම සිහිකර අවසානයේ දී තම තමන්ගේ ඉෂ්ට දේවතාවන් වහන්සේටත් එම පින් අනුමෝදන් කිරීමට බෞද්ධයා අමතක නොකරයි. ඉෂ්ට දේවතාවන්ට පින් අනුමෝදන් කරන විට එම දේවතාවන් බලවත් වන බවත් ඒ අනුව පුද්ගලයාට ආරක්ෂාව වඩාත් ලබා දෙන බවත් මතයකි. 

බොහෝ අවස්ථාවල දී තමාගේ මරණය පවා ඉෂ්ට දේවතාවන්ගේ බලයෙන් වැලකුණු බව ඇතැම් අය පුරසාරම් දොඩනු අප අසා ඇත. එමෙන්ම ඇතැම් පුද්ගලයින්ට කලින් සිදුවන අපලය හෝ කරදරය කුමන හෝ දෙයකින් කලින් පෙන්වන බව කියයි. එ නිසා සිදුවන අයහපතින් තමා නිදහස් වූ බව කියයි. 

තමන් උපන් නැකත අනුව තමාට අයත් ඉෂ්ට දේවතාවෙක් වෙයි. මෙම දේවතාවට දිනපතා හා තමා කරන පින්කම් අවසානයේ නම කියා පින් දීම සුදුසුය. ඒ අනුව එම දෙවියා බලවත් වී තමාව ආරක්ෂා කරයි. 

පහත පළවන්නේ එම ඉෂ්ට දේවතාවන්ගේ නාමාවලියයි. තමන්ගේ උපන් නැකත අනුව මෙහි ඇති ඉෂ්ට දේවතාවා ගේ නම බලාගෙන එම නම කියා පින්දීම සුදුසුය.

ඉෂ්ට දේවතාවන් 

නැකත ඉෂ්ට දේවතාවා 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.