සෙන්පති අඟහරු මීන රාශි ප්‍රවේශය

අසිරිමත් කාල පරාසයක සමාරම්භයක්
ඔක්තෝබර් 2, 2020

මිථුන, කන්‍යා, ධනු, මීන - හංසයෝගය, මේෂ, කටක, තුලා මකර - සස යෝගය,  මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර - මීන ගජකේෂරී යෝගය,  රාශි දොළසටම වෙශී, වොශී, උභයචාරි, අනථා, අමල චන්ද්‍රාධි, වල්ලකී යෝග, මේෂ, වෘෂභ, මිථුන, වෘශ්චික - මීන හර්ෂ සහ සරලා යෝග, මකර, කුම්භ -  විමල යෝගය

චන්ද්‍ර බුධ සප්තම දෘෂ්ඨිය - චන්ද්‍ර ගුරු සහ චන්ද්‍ර සිකුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය, මීන රාශිය, මීන නවාංශකය, රේවතී 04 පාදය ආශි‍්‍රතව ඔක්තෝම්බර් 04 රිවිදින පෙරවරු 10.09ට ප්‍රවර්ධනමාන යෝග බලයෙන් ක්ෂත්‍රිය වංශික සෙන්පති භූමිපුත්‍ර අඟහරු, මීන රාශියට සංක්‍රමණය සිද්ධ වන්නේ ය. 

නැගෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි වෘශ්චික රාශිය උදාවෙහි තැම්පත්වූ විශ්ව තාරකා මන්දාකිණිය ශ්‍රී ලාංකේය සිංහ රාශි ජනරජ කේන්දරයට සාපේක්ෂව මෙසේ සටහන් වෙන්නෙකි. එනම් සිංහ රාශිගතව ඉරබටු තරුව නොහොත් රසලෝලි මනලෝලී සිකුරු සතුරුව ද 02 වැන්වූ කන්‍යා රාශි ධනස්ථානගතව රවි ග්‍රහයාද 03 වැන්න වූ වික්‍රමස්ථානගතව බුධ ග්‍රහයා ද 04 වැන්නෙහි කේතු උච්චවද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බ්‍රහස්පති නිවෘතව 05 වැන්නේ ද ස්වක්ෂේත්‍ර සෙනසුරු 06 වැන්නවූ රෝග සතුරු ස්ථානගතව ද අඟහරු වක්‍රව මිත්‍රශීලීව 08වැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද චන්ද්‍රයා සමව යුරේනස් වක්‍රව සමව 09 වැන්නවූ භාග්‍යස්ථානගතව ද රාහු උච්චක්ෂේත්‍රව 10 වැන්න වූ කර්මස්ථානගතවද යෙදේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.