විෂ කන්‍යාවිය විෂ බඳුනක් වැනිය

නොවැම්බර් 27, 2020

පොරොන්දම් පරීක්ෂාකර බලා තීරණය මත විවාහ වී කෙටිකලකින් දෙදෙනාම දික් කසාදයට යන බව දැන් දැන් එක්තරා කලාවක් රැල්ලක් වී තිබේ. විවාහ වීමේදී පොරොන්දම් සීහුම් ඉතාම සුබදායක බැවින් තමාට සියලු සැප සම්පත් ,යසඉසුරු ලැබේයැයි යන සිතුවිල්ල කාවැදී තිබිය හැකිය. එහෙත් සිදුවන්නේ ඊට හාස්පසින්ම වෙනස් ක්‍රියාවකි. විශාල ධනස්කන්දයක් ඇති අයකු සමඟ විවාහ වී තමා සිතේ මවාගත් සිහින ලෝකය බිඳ වැටෙත්ම කායික, මානසික පීඩනයකට වහා ගොදුරුවේ.

 

ව්‍යාපාර කඩා වැටී ගේ දොර විකුණා දමා රැකියාවන්ද නැතිවී උන්හිටිතැන් අහිමි වන තැනට පත් වනු ඇත. ඡ්‍යොතිෂවේදීන් වෙත ගොස් තමාගේ කේන්ද්‍රය පරික්ෂා කරන විට යම් යම් අපල ඇති බැව් දැනගත් කල්හි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලටද විශාල ලෙස මුදල් වැයකර සිත්තැවුලට පත් වන්නන් මේ අතර සිටී.

ඇත්ත මෙය නොවේ. තමාගේ කේන්ද්‍රය පරික්ෂාකර බලන අතර බිරිඳගේද ජන්මපත්‍රය පරික්ෂා කළ යුතුයි. තම ඉරණමේ කොටස්කාරයා ඇය නිසා තම සැමියාගේ සියලුම ධන සම්පත් වහා විනාශවන ජන්මපත්‍රයක හිමිකාරියක් විය හැකි ඔහුගේ බිරිඳගේ 7 වැන්න තම සහකරුගේ සහකාරිය නියෝජනය වන නිසාය. මෙහි ඡ්‍යොතිෂ විද්‍යාත්මක බලපෑමක් ඇත.

අපරදිග මනෝවිද්‍යාඥයින් මිනිස් සිරුරෙන් කිසියම් රශ්මි ධාරාවන් පිටතට විහිදෙන බැව් සොයා ගෙන තිබේ. කාර්ලියන් ඡායාරූප ශිල්පයද ඒ ආකාරයේමය.

සුබ රශ්මි, සිය සැමියා සම්පත්කාරක වේ. අසුබ කිරණ විනාශයට මග පෑදේ.

සෑම ස්ත්‍රී පුරුෂ සිරුරුවලින් මෙවැනි රශ්මි ධාරා නිකුත් වේ. මෙම වර්ණ සංයෝජනය අනුව ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ජීවිතවල විශාල වෙනස්කම් ඇති වන්නේය.

සම්පත් සැමියන් වෙනත් කාන්තාවන් සමඟ එක්වන්නේ මෙවන් වර්ණවල බලපෑම් ඇතිවූ විට දී මේ සිදුවන ප්‍රතිඵලයක් බැව් මනාව පැහැදිලි කරුණකි. මේකයි ඇත්ත.

එක්තරා තරුණ කෝටිපති වෙළඳ ව්‍යාපාරිකයෙක් රූමත් තරුණියක් සමඟ විවාහ වී වසර කීපයකින් සිය ව්‍යාපාර කටයුතු බිඳ වැටිණ.

ඉතාම අපහසු තත්ත්වයකට පත්ව සිටියදී එක්තරා විවාහක බිරිඳක් මොහු සමඟ හාද වී ඉතාම කෙටි කලකින් පැරණි හිටපු අන්දමට මූල්‍යමය සම්පත් වඩා වර්ධනය විය. රහස වැටහුණේ ඇගේ ජන්මපත්‍රයේ ඉතාම සුබවාදී ග්‍රහ හැසිරීමක් මෙන්ම දෙදෙනාගේ එක්වීම හරහා ඇගේ සිරුරෙන් නිකුත්වෙන රශ්මි ජාලාව ඔහුට ධනාත්මක පැතිකඩකට යොමුවීමකි.

පුරුෂයාගේ ශරීරගත වීම නිසා තම සිතුවිලිවලටත් ශරීර සෞඛ්‍යයටත් ඍජුවම බලපෑම් කෙරේ.(ඛ්ධතධප ඹ්ධඨපර) වර්ණ විද්‍යාවේ රහස මෙයයි.

අශුභ කිරණ නිකුත් වන කතුන් සමඟ එක්වීමෙන් විවාහයෙන් එවැනි අසුබ ඵල විපාක ගෙන දෙන්නේ විෂ කන්‍යා යෝගය පාදක කරගෙනය. සමහර කාන්තාවන්ගේ කේන්ද්‍රවල මෙවැනි විෂ කන්‍යා යෝග පිහිටා තිබෙන බැව් පැහැදිලිය.

අට වැන්න මේෂ ,වෘශ්චික වී එහි කුජ, රාහු යෝගවී වෙන සුබ පෙනීමක් රහිත නම් එය විෂ කන්‍යා තත්ත්වයට වැටේ. කුජ දශාව ලබා අට වැන්නේ ඒරාෂ්ඨක ලැබීමෙන් ජීවිතයේ දුක්කරදර වද වේදනාවලට ලක්වේ.

කටක 7 එහි කුජ සිට ශනි රාහු 10,1 වැන්නේ වීම ශනි හෝ රාහු ලග්න ගතවීමද අයහපත් වේ. විෂ කන්‍යා යෝගයකි.

රවි බලහොත් උච්චව හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් තොරව සඳු, කුජ, ශුක්‍ර පාපීන්ගේ පෙනීමක් ලැබූවිට ඇගේ චරිතය ඉතාම අසුබයි. හත් වැන්නේ යෙදීමෙන් විවාහය කඩා වැටේ..

කාලසර්ප යෝගය ඇත්නම් තවත් උග්‍රවේ. 7 අධිපති පාපියෙක්ව 8.12 අධිපතියා සමඟ එක්ව 1. හො 2 නම් එය අරිටුඵල ගෙන දේ. 7 සිංහය වී කුජ නීච වීමද අසුබයි. 7 අධිපතියා 8 අධිපතියා සමඟ යෝගවී 6 හෝ 12 හෝ සිට පාපීන්ට පෙනීමෙන් සියලු කායික මානසික පීඩා ගෙන දේවි. සිර බන්ධන. සතුරුපීඩා සම්පත් කඩා වැටීම සිදුවේ. සැමියාට මාරකයි. ඇගේ උපන් දවස තිථිය හා නැකත මුල්කොට ගෙන යෙදෙන විෂ කන්‍යා යෝගය තවත් ඇත. ශනි දින 2 තිථියේ අස්ලිස නැකත අඟහරුවාදා 7 වැනි තිථියේ සියාවස නැකත

මේ අන්දමට යෙදුණ දිනයක ඉහත සඳහන් ග්‍රහ යෝග යෙදීමෙන් යෝගයේ අනිටු ප්‍රතිඵල වැඩිවන අතර ප්‍රථම මල්වරය අසුබ වුවහොත් එකී තත්ත්වය තව තවත් වැඩිවීමක් වේ.

නිවසින් පිටත මල්වරය සිදුවුයේ නම් අමාවක සැටවක අසුබ තිථි යෙදී ශනි දින වීම තව තවත් අයහපත් වීමේ ප්‍රවණතාවය අධික වේ.

මෙවන් විෂ කන්‍යා යෝගය යෙදී ඇති කාන්තාවන් සමඟ යුගදිවිය ගෙවීමේදී පුරුෂයාට සුබවාදී නොවන අතර අයහපත් ප්‍රතිඵල ඇතිවීමේ විපාකය වැඩිවෙන බැව් ඡ්‍යොතිෂයේ සනිටුහන් වී ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.