මකර කුම්භ ලග්න ගැන පසුවිපරමක්

දෙසැම්බර් 10, 2021

රවි වටා වේගයෙන් භ්‍රමණය වන සෞරග්‍රහ මණ්ඩලයේ මේෂයෙන් ආරම්භ වූ 10 වැන්න හා 11 වැන්නයි. ඒ මකරය හා කුම්භ රැසයි. මේ රාශි දෙකත් අනිකුත් ග්‍රහයන් වගේමයි ප්‍රතිඵල දෙන්නේ. නමුත් මේ දෙදෙනාගේ භවාධිපති ගැන දැනගත්තම කියාවි අනිත් ග්‍රහ රාශි වගේ නොවෙයි කියලා.

ටිකක් වැඩිපුර විස්තර ඇතිව කියනකොට පුංචි බයක් හිතෙන එක සාධාරණ තමයි. ඒක පුරාණයේ ඉඳලා එන බයක්. අපි දන්නවා ඉර හඳ හැරෙන්න අනිත් හැම රාශින් දෙදෙනකුට එක එක අයිතිකාර ග්‍රහයෙක් ඉන්න බව. ඒ අය භවාධිපතින් බව ඡ්‍යොතිෂයේ විස්තර කරනවා. මේ විස්තර ඔබ දන්නවා තමයි. තව වැඩිපුර විස්තර ටිකක් දැනගත්තම පලාඵල වටහාගන්න පහසු වේවි. මකර කුම්භ රාශි දෙකේ භවාධිපතියා සෙනසුරු. ශනි නැත්නම් සෙනසුරා ගැන බොහෝ දේ ඔබ දැනගන්නම ඕනෑ. මම කලින් කිව්වා වගේ. මේ එක එක ග්‍රහයෝ ගැන එක එක පොත්වල විස්තර කළාට පුංචි පරස්පරයක් නැතුව නොවේ. සෙනසුරා ගැන විස්තර කියන්න කලින් මකර, කුම්භ රාශි දෙක ගැන වැඩි විස්තර නැත්නම් කරුණුූ අවබෝධ කරගන්ට වෙනවා. මේ රාශි දෙකේ විස්තර හා ගෝචර වීම විස්තර කරලා, භවාධිපති සෙනසුරු ගැන දැනගතිමු. සෙනසුරු කියපු හැටියේ අපේ මනසට එන්නෙ ඒරාෂ්ටක ගැනයි. ඒ තරමටම පාපි ප්‍රතිඵල දෙනවා. සෙනසුරුගේ හැටි, ගෝචරය ඒ විදියට ඒ ඒ රාශිවල පතිත වුණාට මොකද වන්නේ කියලා දැනගත්තොත් ඔබේ දැනුමට තව විශේෂයක් වේවි. මකර ලග්නයේ අංකනය නැතිනම් හඳුන්වන්නේ ඉංගී‍්‍රසි ඍ අකුරට පහළට ඉරිකැබැල්ලක් ඇඳලා බින්දුව දමලයි. මේ විදියට ඍ මේවා පාඨකයින් දැන නොගත්තට කාරි නැහැ. නමුත් ඡ්‍යොතිෂය හදාරන අය දැනගන්න එක වටිනවා.

මකරයේ රූපය නැත්නම් හැඳින්වීම තමයි මකරයකුගේ රූපසටහන. ඒ කිව්වේ මාළුවෙක් වැනි සතකුගේ වලිගයෙන් සහ දෙපැත්තෙන් ගිනි ජාලාවක් පිටකරනවා. කට ඇරියම කටින් ගින්දර කදම්භයක් පිටකරනවා. එහෙනම් හිතාගන්න පුළුවන්.මකරයට පුළුවන් ගින්දරින් මුළු ප්‍රදේශයක් නසන්න. චර රාශියක් ස්ත්‍රී නවාංශකයි. පුරුෂයන්ටත් මේ රාශිය අයිති නැතුව නොවේ. ස්ත්‍රි පක්ෂයට බරයි කිව්වොත් නිවැරදියි. මේ මකර රාශිය ගැන වැඩිපුර විස්තර ලියන්න හිතුනේ ඔබට ඡ්‍යොතිෂ දැනුම දෙන්නට නොවේ. විශේෂයෙන් ඔබේ දියණිය හෝ පුතා විවාහ වීමට කලින් ලැබූ කේන්දරයේ විස්තර දැනගෙන කිසියම් හෝ අනවශ්‍ය කරදරයකින් බේරෙන්න පුළුවන් නිසා. මකර ලග්නයේ කේන්දර පිටපතක් ලැබුණොත් ඒ කේන්දරයේ ලග්නයේ හෝ 7 වැන්න නෙහොත් විවාහක ස්ථානයේ එකම ග්‍රහයෙක් වත් පිහිටා නැත්නම් ඒ තරමටම හොඳයි. නමුත් මකර ලග්නයේ ඉපදිල බුධ හා සිකුරු ලග්නයේ යෝග වුණානම් විශේෂයෙන් විවාහ තුනක් වත් අරගෙන තමයි පස්ස බලන්නේ. ඒ තරමට රැවටීමට දක්ෂයි. අනික තමයි 3 වැන්නේ හෝ 9 වැන්නේ අතර ශනි මංගල්‍යය පිහිටියොත් අඟහරුවා විතරක් හතුරු වෙලා ,පිටට ආවොත් , වංචාවෙන් විවාහ වෙලා පසුව නඩුමගට බහිනවා. මකර ලග්නයේ ඉපදිලා 4 හා 10 රාශිවල රාහු කේතා හිටියොත් යුගදිවියට නුසුදුසු කෙනෙක්. එ වගේම අපට නිතරම අසුවෙන එකක් තමයි විවාහකස්ථානයේ සෙනසුරු සිටීම. එතකොට විවාහය ටිකක් ප්‍රමාද කරල කරනවා. විවාහ තෘප්තිය අඩුකරනවා. බ්‍රිතාන්‍යයේ මහ රැජිනගෙත් ලග්නය මකරය තමයි. ඒකෙ ග්‍රහ සැලැස්සම කියැව්වොත් අමතර දෙයක් දැනගන්න හැකි වේවි. ග්‍රහයෝ 5 ක් උච්චයි. චන්ද්‍රයා ස්වක්ෂේත්‍රයි. බුධ බ්‍රහස්පති නීචයි.

ඊළඟට දැනගනිමු කුම්භ ලග්නය ගැනත්, රාශි චක්‍රයේ 11 වැන්න. මේෂයෙන් පටන්ගත්තොත් අයස්ථානය ඡ්‍යොතිෂ අංකනය වශයෙන් කුඩාරම් තුනක් එකට යා කරලා වගේ. මේ වගේ සමහර තැන්වල පුංචි වෙනස්වීමක් ද පෙන්වනවා.පුරුෂ රාශියක්. තිර රාශියකට ගැනෙනවා. දන්නවනේ චර, තිර, උභය, ගැන මකර රාශියට 2 වැන්නෙ ගුරු නීච වුනාට කුම්භයට මිත්‍රයි. එහෙනම් මුදල් හොයන්න දක්ෂයි. හිටපු අගමැති කෙනෙක් වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයාත් චෙල්වනායගම් මහතාත් කුම්භ ලග්න හිමි අය, ඒ අයගේ කේන්දරයේ කාලසර්පයෝගය නපුරු විදියට පිහිටියා. විවාහයට එච්චර ආශාවක් දක්වන්නෙ නැහැ. රෝග වශයෙන් හන්දි කැක්කුම, හංදි ඉදිමීම තමයි ඉතින්.

මකර , කුම්භ ගැන මෙහෙම ලිව්වට මේ රාශියවල එක එක ග්‍රහ ගෝචරය තමයි වැදගත් වන්නේ . සමහර ග්‍රහයෝ පිහිටියාම හොඳයි. සමහර ග්‍රහයෝ නරකයි. ඒක තෝරා බේරාගන්න ඕනෑ. මේ රාශි දෙකම වෙනුවෙන් පෙනී සිටින්නෙ සෙනසුරු. හොඳට නරකට ප්‍රතිඵල දෙන්නේ සෙනසුරු. ඒකනේ කිව්වේ ඡ්‍යොතිෂ්‍ය හරියට මැණික් ගලක් වගේ කියල. හැම අතටම පෙරළලා බලන්න ඕනෑ. එතකොට තමයි නූල් 6 මතුවන්නේ. කොටින්ම කිව්වොත් රාශි නාම දොළහක් පමණයි. මේ රාශිවලට අධිපතියෝ ඒ කිව්වේ භාවාධිපතියෝ තමයි සුබ හෝ අසුබ ඵල දෙන්නේ.

මේ මකර , කුම්භ රාශි දෙකේ අයිති කාර සෙනසුරුට ආයු කාලය අවුරුදු 19 යි. ඒ වුණාට සෙනසුරු මහ දශාවේ සෙනසුරු අතුරු දශාව පවතින්නේ අවුරුදු 03 දින 03 යි. අපි වැරදි විදියට හිතා ඉන්න දෙයක් තමයි මේ රාශි දෙකේ භවාධිපතිය සෙනසුරු නරක් වුණාට පුුංචි හිරිහැරයක් කරල නවතීවි කියලා. එහෙමත් ග්‍රහයෙක් ඉන්නවා තමයි මකර කුම්භයට සෙනසුරු දශාවේදී ඒ කිවවේ කලින් කී අවුරුදු 03 දින 03 ඇතුළත වුණොත් ඒකෙනුත් නීච හෝ හතුරු වුවහොත් පවුලේ තාත්තා නැතිනම් භවාධිපතියා කියල නතර වීමක් නැහැ. මරලම දමනවා. මකරයට විශේෂයි. ඔය වෙලාවට ශනි මුත්‍යුජය යන්ත්‍රයේ පිහිට තමයි. මේ යන්ත්‍රය පලඳින්න ඕන ලැබූ ඉක්මනින්මයි. ටිකක් හෝ උත්සන්න වුවහොත් මරණයෙන් ගලවන්නේ අභිසම්භිධානය යන්ත්‍රය විතරයි. ඒකත් නිවැරදිව සම්පූර්ණ කරල පිටට දිග අතට දමන්න ඕනෑ පිටට ස්පර්ශ වන්න.

සෙනසුරුට ඇති ඒරාෂ්ඨකය හරි බලවත් බව හිතන්න. මේ සෙනසුරුගේ මුල් කාලයේදී හවසට හවසට බඩ පිපීම වගේ පුංචි අසහනයක් ඇති කළොත් පසුව හෘදය වස්තුව හිර කිරීමකින් මරල දමනවා. කුම්භ ලග්නෙන් නම් අසනීපව නින්දෙන් අවසන් ගමන් යනවා. මේ විදියට බඩ පුරවා දමලා ක්‍රමයෙන් දින කීපයකට පසුව පපුව හිරකළොත් ඒක අර බඩ පුරෝදාපු දින ආරම්භ වු අසහනයක ප්‍රතිඵල සෙනුසරාගේ ඒරාෂ්ඨකයට බට වූ ඔබ සෙනසුරාව පිළිකුල් කළ ඔබ මතක තබා ගන්න සෙනසුරා තරම් දෙන ග්‍රහයෙක් තවත් මේ සෞර ග්‍රහවළල්ලේ නැති බව. විශේෂයෙන් කියන්න තිබෙන්නෙ සෙනසුරා දෙන්න ගත්තාට ඕන කරන එකත් එපා කරන එකත් දෙකම දෙනවා. ඉතින් සෙනසුරා ගියාම ලැබීම් නැහැ. ඒත් අර නරක පුරුදු හිටිනවා. ඒක අතරින්න බැරි වුණාටම සෙනුරාට බනිනනවා. සෙනසුරා ගත්තා කියලා. ග්‍රහයෝ ඒ විදියට දීලා ගන්නෙ නැහැ.

ඉතින් කෙටියෙන් කිව්වොත් සෙනසුරා ලැබුවාම හොඳට හෝ නරක ලැබෙනව මයි. අනික තමයි සෙනසුරා ඒරාෂ්ටක කරනකොට පියවර වල් තුනයි. අපි හිතමු. සෙනසුරා හතුරු වෙලා ලග්නයට එනව කියල. එතකොට 12 ට එනකොට පළමු පියවර, ලග්නයට එනකොට 2 වන පියවර දෙවැනි රාශියට යනකොට තුන්වන පියවර මේ කාල සීමාව ඉවර වෙනකොට බොහෝ විපර්යාසයන් සිදු වෙලා ඉවරයි. එනිසා කේන්දරයක ගුණාගුණ බලන කොට ඒරාෂ්ඨක ලග්නයට එනකම්ම ඉන්න එපා. පෙර සූදානමක් කරගන්න සෙනසුරා නපුරා ඒ කිව්වේ සෙනසුරු ග්‍රහයා කේන්දරයේ පිහිටීම ගැන. ඕනෑම දවසක සෙනසුරාදාට ඉර උදාවේ සිට පළමු පැයත් අයිති වන්නෙ සෙනසුරුටයි. සුබ කටයුත්තකදී ඒ පැයත් අතහරින්න ඕනෑ. ඒකත් රාහු කාලය වගේම අශුභයි. ඉතින් මේ කරුණු ටික ටික වත් දැනගෙන අවබෝධ කරගෙන අත්‍යවශ්‍ය කරදරවලින් මිදෙන්න.

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.