2023.10.15 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 15, 2023

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ

 

මේෂ

උදාවන අද දිනය එතරම් යහපත් කාලයක් නොවනු ඇත. යොදාගත් සැලසුම්වල ප්‍රමාදතාවයක් පෙන්නුම් කරයි. සහෝදර සිත් අමනාපයකට කරුණු ඇති කරයි. ආහාර අරුචිය ශරීර ශක්තිය අඩුවන දිනයකි.

වෘෂභ

එදිනෙදා කටයුතු සුබදායක ලෙස කරගෙන යන බවක් පෙනේ. විවාහය ස්ථිර වීමක් වැනි කටයුතුවලට යහපත් බවක් පෙන්නුම් කරයි. සිතේ තරමක චංචල බවක් ඇති කරයි. අන් අය තමාගේ කටයුතු පිළිබඳ සොයා බලන දිනයකි.

මිථුන

විවිධ ජයග්‍රහණවලින් පැසසුම් ලබන බවක් පෙනේ. යොදාගත් කටයුතුවල සාර්ථක බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට කටයුතු යෙදෙන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි.

කටක

වගකීම් බහුලවන දිනයකි. එමෙන්ම නිතර අමතර ගමන් බිමන් යෙදෙන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන කටයුතු කීපයක් යෙදේ. රාත්‍රී ගමනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.

සිංහ

අමතර වියදම් බහුල කරන බවක් පෙනේ්. තමා කෙරෙහි අන් අයගේ පිළිගැනීම අඩු වී යන බවක් පෙන්නුම් කරයි. මිල මුදල් පිළිබඳ සිතේ ගැටලුකාරී තත්ත්වයක් උදාකරයි. දියුණුවට පැවැති මාර්ගවලට බාධාකාරී බවක් ඇති කරයි.

කන්‍යා

අතීතය ගැන නිතර සිතන දිනයකි. පී‍්‍රතිය සතුට ගෙන දෙන අන්දමේ ගමනකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.

තුලා

අලුත් පිරිසක් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. දුර ඥාතියකු තමා සොයාගෙන එන බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරත වන දිනයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදෙන බවක් පෙනේ.

වෘශ්චික

කරදර සහිත දවසක් වන අතර යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් ඇති කරයි. ඵල ප්‍රයෝජන නැති දෙයට වියදම් කිරීමට සිදු කරයි. ශරීර වෙහෙස ගෙනදෙන දිනයකි.

ධනු

අන් අයගෙන් උදව් උපකාර හිමිකරන බවක් පෙනේ. ගෘහ ජීවිතයේ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් පියවර කීපයක් ගන්නා දිනයකි.

මකර

හදිසි ගනුදෙනුවකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදු වන බවක් පෙනේ. සමාජීය කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. නියමිත වේලාවට කෑම බීම ගැනීම පවා ප්‍රමාදවීමට ඉඩ ඇත.

කුම්භ

ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. වෙනදාට වඩා ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. තැන්පත් ධනය වැයවන කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. හදිසි ගමනකක් යෙදෙන දිනයකි.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. දියුණුව පිළිබඳ අදහසක් ඇති කරයි. කලකින් මුණ නොගැසුණු කෙනකු මුණ ගැසීම නිසා සිතට පී‍්‍රතියක් ඇතිවේ. විදෙස් උපකාර හිමිකරන දිනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.