2023.10.18 බදාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 18, 2023

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.55
රාහු කාලය - දවල් 11.56 - 01.26
සුබ දිශාව - උතුර

 

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පවුලේ කටයුතු පිළිබඳ දක්වන උනන්දුව ද අඩුවන බවක් පෙන්නුම් කරයි. වගකීම් බහුලවන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

වෘෂභ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. නම ප්‍රසිද්ධවන අන්දමේ කටයුතු කීපයක් සිදුවන දිනයකි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. අතමිට සරු කරන ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

කටක

පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. නිතර විලාසිතා කෙරෙහි උනන්දුවක් දක්වන දිනයකි. වරින් වර ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. සෞන්දර්යාත්මක කටයුතුවල නිරතවන දිනයකි.

සිංහ

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙහෙස ඇති ගමන් කීපයක් යෙදෙන බවක් පෙනේ. වරින් වර මතු කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරන බවක් පෙනේ. තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දිනයකි. ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ.

තුලා

විශේෂ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගෙන කටයුතු සිදු කරයි. ප්‍රනීත ආහාරපාන භුක්ති විඳීමට අවස්ථාව උදාකරන දිනයකි.

ධනු

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු යෙදෙන දිනයකි.

මකර

වෙහෙසකාරී කටයුතු කීපයක් සිදුකරන බවක් පෙනේ. හදිසි මුදල් වැයවීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. පවුලේ කෙනකුගේ අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

කුම්භ

තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. නොසිතූ පාඩුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න.

මීන

වගකීම් බහුල කරයි. පි‍්‍රය සම්භාෂණයකට සහභාගිවීමට කටයුතු උදාකරන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන දිනයකි. මිල මුදල් ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන බවක් පෙනේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.