2023/ 10 /19 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 19, 2023

 

ඉර උදාව – පෙ.ව. 05.57
ඉර බැසීම – ප.ව. 05.54
රාහු කාලය – දවල් 01.25 02.55
සුබ දිශාව – උතුර

 

මේෂ

පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. යොදාගත් සැලසුමක් ප්‍රමාදවන බවක් පෙනේ. නොසිතූ ලෙස පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි.

 

වෘෂභ

තරමක් දුරට සැනසිලිදායක බවක් ඇති කරයි. විදෙස්ගත සැලසුමක් කෙරෙහි වෙහෙසෙන දිනයකි. යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. මුදල් ලාභයකට හිමිකම් ඇති දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරයි. නිතර ඇසුර කරන අයකු සමඟ සිත් නොහොඳකමක් ඇති කර ගනී. වෙනදාට වඩා සමාජිය කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කටක

පවුලේ අය වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. එමෙන්ම අසරණ අයකුට පිහිට වීමට කටයුතු උදාකරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

සිංහ

පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

කන්‍යා

ගේ දොර වගකීම් බහුල කරයි. සහෝදරයකු සමඟ ඇතිවන බහින්බස්වීමක් දුර දිග යන බවක් පෙනේ. වෙනදාට වඩා වැයපස අධිකවන දිනයකි. නීති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි.

තුලා

ගේ දොර වගකීම බහුල කරයි. නොසිතු ලෙස වැටීම් තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. නිතර හුදකලාව කටයුතු කිරීමට සිතන කාලයකි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

වෘශ්චික

දරුවකුගේ කටයුතු පිළිබඳ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා බාහිර කටයුතු පිළිබඳ නියැලෙන බවක් පෙනේ. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

ධනු

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. ගේ දොර කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරන බවක් පෙනේ. සහෝදර පක්ෂයෙන් උපකාරයක් හිමිවිය හැකි දිනයකි. පී‍්‍රතිමත් ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

මකර

පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා මුදල් වැයවීම් වැඩිවන දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. දේපළ ගැටලුවක් විසඳාගන්නා දිනයකි.

කුම්භ

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති දිනයකි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු සැලසේ. වෙනදාට වඩා දුරදිග සිතා බලා තීරණ ගතයුතු බවක් පෙනේ.

මීන

විශේෂ උත්ව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර විනෝදයෙන් කටයුතු සිදුකරයි. අතමිට සරු කරන ආදායම් මාර්ග හිමිකරන දිනයකි. ප්‍රභූ ඇසුරකට යොමුවන බවක් පෙනේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.