2023.10.20 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 20, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - උදේ 10.25 - 11.56
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

නිතර ඇවිදිලි වැඩි කරයි. නිතර උදාසීන ලෙස කටයුතු සිදුකරන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි. අන් අයගේ ගරු සැලකිල්ල හිමිවන කරුණු කීපයක් සිදුකරයි.

වෘෂභ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විදෙස්ගත සැලසුමකට අත ගැසීමට අවස්ථාව සැලසෙන දිනයකි.

මිථුන

ගතට සිතට සැනසිල්ල උදාකරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගනී.

කටක

ලැබීම් අතින් යහපත් දිනයකි. වෙනදාට වඩා වැය පස අධික වන බවක් පෙනේ. පැවැති වගකීමකින් නිදහස සැලසෙන අතර උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

සිංහ

ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් ඇති කරන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. හදිසි ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදේ.

කන්‍යා

පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. එමෙන්ම යොදාගත් සැළසුමක් ප්‍රමාදවන ලකුණු පෙනේ. හදිසි ගමනකට සහභාගිවීමට කටයුතු උදා කරයි. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

තුලා

වෙනදාට වඩා විවේකය අඩුකරන බවක් පෙනේ. විසිතුරු දෑ මිලදී ගැනීමට වෙහෙසෙන දිනයකි. රැකියා ස්ථානයේ මතුවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. යටපත් වූ හිසේ ආබාධයක් නැවත මතුවීමට ඉඩ ඇත.

වෘශ්චික

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදුකරන බවක් පෙනේ. පවුලේ කෙනකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසෙන දිනයකි.

ධනු

මෙතෙක් පැවැති විවේකය මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදාකරයි. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

මකර

යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා අලුත් ඇඳුම්

පැළඳුම් පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි.

කුම්භ

ප්‍රසිද්ධ පුද්ගලයන් හා ඇසුරට කටයුතු උදාකරයි. නිතර සමාජයේ කටයුතුවලින් ප්‍රශංසා හිමි කරයි. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මීන

වෙනදාට වඩා උද්‍යෝගයකින් කටයුතු සිදුකරන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අලුත් දේ මිලදී ගැනීමට කැමැත්තක් දක්වන දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.