2023.10.23 සඳුදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 23, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - උදේ - 07.26 - 08.56
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නොතේරුම්කමින් ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

වෘෂභ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ

මිථුන

ආදායම් තත්ත්වයෙහි වෙනසක් පෙන්නුම් කරන බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අමතර වෙහෙසීමක් සිදුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. රාත්‍රී ගමන් බහුල කරයි.

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. නිතර විනෝදයට බරව කටයුතු කරන දිනයකි.

සිංහ

තරමක් දුරට සැනසිලිදායක බවක් අත් කරයි. නිතර තමාට පවුලේ අයගෙන් ප්‍රශංසා හිමිකරයි. ආගමික වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවන දිනයකි. හදිසි තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

කන්‍යා

අධ්‍යාපන කටයුතු කීපයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතුකරන බවක් පෙනේ. වෙනදාට වඩා එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරයි.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු සිදුකරයි. එහෙත් අමතර ආදායම් මාර්ගවලට අවහිරකම් මතු කරයි. පොරොන්දු ගිවිසුමක් බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ අත. ඇවිදිලි වැඩිකරන දිනයකි.

වෘශ්චික

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ. වරින් වර මතු කරන අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

ධනු

අමතර ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පැවැති සුළු සුළු ආබාධ කීපයක් මඟහැරී යන බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

මකර

ආදායම් මාර්ගවල යම් යම් වෙනස්කම් කීපයක් සිදුකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. නිතර මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

කුම්භ

අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. ආදායම් තත්ත්වයෙහි වෙනස්කම් කීපයක් සිදුකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබෙන දිනයකි.

මීන

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් අත් කරයි. වරින් වර ඇති කරන උරහිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.