2023.10.24 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 24, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - දවල් 02.54 - 04.24
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වරින් වර උදාසීන ගති ඇති කළත් කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමට හැකිවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.

වෘෂභ

අමතර ලැබීම්වලට හේතු ඇති කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. හදිසි විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. පැවැති අසහනකාරී බව මඟහැරී යයි.

මිථුන

අමතර වෙහෙසීම් ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ අය අතර හොඳහිත දිනා ගන්නා බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරයි.

කටක

අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

සිංහ

සැළසුම් කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.

කන්‍යා

යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උත්සහවන්තව කටයුතු කරන දිනයකි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

තුලා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීම වැඩි කරයි. සිතේ සැහැල්ලු බව අඩු කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු දිනයකි.

ධනු

වගකීම් බහුල වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදාකරයි. ශාරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

මකර

ආදායම් තත්ත්වයේ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි.

කුම්භ

වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. නොසිතූ ලෙස විවිධ සෞඛ්‍ය

පරීක්ෂණවලට ලක්වීමට සිදුවේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න. අමතර ආදායම් මාර්ගයකට අවහිරතා ඇති කරයි.

මීන

ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම කලක සිට පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන දිනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.