2023/10/25 බදාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 25, 2023

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 05.52
රාහු කාලය – දවල් 11.54 - 01.24
සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

දැඩි තීරණයක් හේතුවෙන් තමා අසහනයට පත් කරන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ වැඩිහිටියකුගේ අසනීපයක් පිළිබඳ වෙහෙසීම් සිදු කරයි.

වෘෂභ

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. උසස් අයගේ ඇසුරට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

මිථුන

ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරන බවක් පෙනේ. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. එදිනෙදා කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරන දිනයකි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

කටක

අතමිට මුදල් ගැවසෙන දිනයකි. හිතවතුන් සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. අසරණ වූ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

සිංහ

නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු වීමට ඉඩ ඇත. දූදරු සමගියට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි.

කන්‍යා

ශාරීරික වෙහෙසීම් වැඩි කරන බවක් පෙනේ. අන් සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. වරින්වර ඇති කරන දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

තුලා

නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. අමතර මුදල් වැය වන මාර්ග යෙදෙන දිනයකි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සිතේ චංචල බවකින් කටයුතු කරන බවක් පෙනේ.

වෘශ්චික

උත්සාහවන්තව කටයුතු සිදු කරන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. වරින්වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

ධනු

ගතට සිතට සැනසිල්ල උදාකරන බවක් පෙනේ. ගේ දොර කටයුතු පිළිබඳ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවන්ගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි ගමන් කීපයක් යෙදෙන දිනයකි.

මකර

පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදු කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා ආගමික භක්තියකින් කටයුතු සිදු කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා කෙටි ගමන් බහුල කරයි. ආදායම් මාර්ගවලට අවහිරතා පැන නැගීමට ඉඩ ඇත. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

මීන

උත්සාහවන්තව කටයුතු සිදු කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. තීරණ වෙනසක් සිදුකිරීමට කටයුතු සැලසේ අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.