2023.10.26 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 26, 2023

 

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.52
රාහු කාලය - දවල් 01.23 - 02.53
සුබ දිශාව - උතුර

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදාකරයි. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට සිතන දිනයකි. පී‍්‍රතිමත් ගමනක් යෙදෙන අතර, ආගමික කටයුත්තකට සහභාගිවීමට ද අවස්ථාව උදාකරයි.

වෘෂභ

එදිනෙදා කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේ දොර කටයුතු අපිළිවෙළක් ඇති කරයි. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකියි.

මිථුන

මහන්සිවී යම් වැඩක් කිරීමට සිදුවන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිකරයි. විශ්වාස වන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි.

කටක

සිතේ පී‍්‍රතියට කරුණු යෙදෙන බවක් පෙනේ. සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන දිනයකි. සතුරු කරදරයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරයි.

සිංහ

අවිවේකී ලෙස දවස උදාකරයි. ශරීර සැපපහසුවට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන දිනයකි. නිතර සිතේ කලබල ගතියෙන් කටයුතු කරන බවක් පෙනේ.

කන්‍යා

නිතර සිතේ සැකයෙන් කටයුතු සිදුකරයි. කරදර බාධා සිත්තැවුල් බහුල කරන දිනයකි. කලකින් මූණනොගැසුණු කෙනකු හමුවීමට මඟ සැලසේ. ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසීමට සිදුවන දිනයකි.

තුලා

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. නිෂ්ඵල ගමන් යෙදිය හැකි බවක් පෙනේ. ආදායම් මාර්ගවලට බාධාගෙන දෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර නිවෙසින් පිට වාසයට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි.

ධනු

අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. වෙනදාට වඩා හුදකලාව කටයුතු කිරීමට සිත් දෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවේ. සහෝදර උපකාර හිමි කරන දිනයකි.

මකර

ශාරීරික වෙහෙසීම් වැඩිකරයි. ගේ දොර උනන්දුව අඩුව යන බවක් පෙනේ. මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

කුම්භ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරයි. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. මුත්‍රා අමාරුවක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මීන

අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.