ඡ්‍යොතිෂයෙන් ඈත්වන ලිත් හෝඩිය

අගෝස්තු 7, 2020

වර්ෂ 2018 ජනවාරි මස 12 වෙනි සිකුරාදා දින මා විසින් ‘සුබසෙත’ පුවත්පතට ලියන ලද ‘ඡ්‍යොතිෂයෙන් ඈත්වන ලිත් හෝඩිය නම් ලිපියේ දිනය නැකතය තිථිය යෝගය කරණය සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ අතර මෙම ලිපියෙන් ලිත් ඉලක්කම් කටපයාක්ෂර සංඛ්‍යා ආදී විස්තර ඉදිරිපත් කිරීමට අදහස් කළේ බොහෝ දෙනෙක් දුරකථනයෙන් කතාකර ලිත් හෝඩියේ පසුවට කල්තැබූ කොටස එළිදක්වන මෙන් ඉල්ලා සිටින නිසා ය. 

සිංහල උදයාදී හැට පැයේ ක්‍රමයට වැඩ කරන පැරණි ඡ්‍යොතිෂවේදීන් හෙවත් දෛවඥ උගතුන් ලිත් ඉලක්කම් කටපයාක්ෂර සංඛ්‍යා භාවිතාකර ජන්ම පත්‍ර සකසා ඇති බැව් ඉඳහිට අපට පලාපල පරීක්ෂා කිරීමට ලැබෙන පුෂ්කොළ කේන්ද්‍රවලින් සනාථ වේ. වර්තමානයේ දී ද ඒවා අභාවයට යාමට නොදී රැක ගැනීම අපගේ වගකීම බැවින් ඡ්‍යොතිෂය හදාරන ආධුනිකයන්ගේත් මෙය අගේ කරන අන් අයගේත් ප්‍රයෝජනය පිණිස ඡ්‍යොතිෂයට අදාළ මූලික දැනුම ලබාදෙන කරුණු කිහිපයක් මෙසේ ලියා ඉදිරිපත් කරමු. 

ලිත් ඉලක්කම් 

1. ට.... ෙ....  කොම්බුබ

2. ට.... න....  නයන්න 

3. ට.... නා....  නායන්න 

4. ට.... ජ.... ජයන්න 

5. ට.... ද....  දයන් 

6. ට....  ැ.... ඇග්ම 

7. ට....  උ.... උයන්න 

8. ට....  ර.... රයන්න 

9. ට....  නි.... නියන් 

10. ට....  ේ....  ඇල් කොම්බුව 

කටපයාදී ක්‍රමය 

1 වෙනුවට ක, ට, ප, ය යන මෙයින් කැමති අකුරක් ද 

2 වෙනුවට ඛ, ඨ, ඵ, ර යන මෙයින් කැමති අකුරක් ද

3 වෙනුවට ග, ඩ, බ, ල යන මෙයින් කැමති අකුරක් ද

4 වෙනුවට ඝ, ඪ, භ, ව යන මෙයින් කැමති අකුරක් ද

5 වෙනුවට ඩ, ණ, ම, ශ යන මෙයින් කැමති අකුරක් ද

6 වෙනුවට ච, ත, ෂ, යන මෙයින් කැමති අකුරක් ද

7 වෙනුවට ඡ, ථ, ස යන මෙයින් කැමති අකුරක් ද

8 වෙනුවට ජ, ද, හ යන මෙයින් කැමති අකුරක් ද

9 වෙනුවට ඣ, ධ, ළ යන මෙයින් කැමති අකුරක් ද

10 ඤ, න යන මෙයින් කැමති අකුරක් ද

ශක වර්ෂ බුද්ධ වර්ෂ ආදී වර්ෂ ජන්ම පත්‍රවල සටහන් කිරීමේ දී මෙම අක්ෂර යොදනු ලබත් මේ ක්‍රමයෙන් යම්කිසි ගණනක් වචනයක ස්වරූපයෙන් දක්වන්නට වුවමනා වූ කල එසේ ද කරනු ලැබේ. එකල එහි අලවු අක්ෂරවල කිසි වටිනාකමක් නොමැති බව දැනගත යුතු යි. තවද ඇලපිලි පාපිලි ආදිය එකතු කලාට වරදක් නැත. එහෙත් අකුර අල් කිරීමෙන් එහි වටිනාකමක් නැති බැව් මේ අක්ෂර ක්‍රමයේ දී නීතියක් බැව් සැලකීම වැදගත් වේ. 

මෙසේ ශක වර්ෂ 1823 කටපයාක්ෂර සංඛ්‍යාවලින් ලිවීමේ දී දකුණේ සිට වමට ලිවීම ඡ්‍යොතිෂ්‍ය න්‍යාය බැවින් ඉහත සඳහන් ශක වර්ෂ ලිවීමේ දී අග ඉලක්කම වූ 3 වෙනුවට ‘ගො’ යන අක්ෂරය ගෙන 2 වෙනුවට ‘ත්‍ර’ යන්න යොදන්නේ ත්‍රයන්නේ ස්වරය ර යන්න බැවින් වචනය අලංකාරය වැඩිකර ගැනීමටය. ඊළඟ ඉලක්කම වූ 8 වෙනුවට ‘ජ’ යන්නත් අංක 1 වෙනුවට ‘ය’ යන්නත් යොදා දකුණේ සිට වමට ලියූ කල ‘ගොත්‍රජය’ යන වචනයට අල් ‘ම’ යන්න යොදා ‘ගොත්‍රජයම්’ කියා ලියූ විට 1823 වේ. එසේම ක්‍රිස්තු වර්ෂ 1947 කටපයාදී ක්‍රමයෙන් මෙසේ ලිවිය හැකියි. සෙවාධුපම් අග ඉලක්කම වූ 7 වෙනුවට ‘සෙ’ යන්නද 4 වෙනුවට ‘වා’ යන්නද 9 ය වෙනුවට ‘ධ’ යන්නද 1 ඉලක්කම වෙනුවට ‘ප’ යන්නද යොදා අගට අල්මයන්න යෙදීමෙන් 1947 බැව් උගත් දෛවඥ තුමන්ලා තේරුම් ගන්නා බැව් කිවයුතු නොවේ. 

අයන 

භානොර් මකර සංක්‍රාන් තෛඞ - ෂන් මාසා උත්තරායනම් 

තර්කා දෙස්තු තථෛ වශ්‍යාත් - ෂන් මාසා දක්ෂිණායනම් 

යනු හෙයින් මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන යන මේ සය රැසෙහි ඉරු ගමන් කරන කාලයට උත්තරායනය කියා ද, කටක, සිංහ, කන්‍යා, තුලා, වාශ්චික, ධනු යන මේ සය රැසෙහි ඉරු ගමන් කරන කාලයට දක්ෂිණායන කියාද අයන ව්‍යවහාර වේ. 

ෂඩ් සෘතුව 

වසන්තඞ ගි‍්‍රෂ්ම වර්ෂාච - සරත් හේමන්ත ශෛශිරඞ 

ෂඩම් සෘතවඞ පොක්තා - ශෛ්ත්‍රොදිතං සුගෛක්‍රමාත්

යනාදී වශයෙන් බක්, වෙසක්, දෙමස, වසන්ත කියාද, පොසොන්, ඇසළ දෙමස ගී‍්‍රෂ්ම කියාද, නිකිනි බිනර දෙවස වර්ෂා කියාද වප් ඉල් දෙමස සරත් කියාද, උඳුවප්, දුරුතු දෙමස හේමන්ත කියාද, නවම් මැදින් දෙමස සිසිර කියාද, ෂඩ් සෘතු ප්‍රභේදය වේ. 

නව ග්‍රහයෝ 

ර - රවි, ච - චන්ද්‍ර, කු - කුජ, බු - බුද, ගු - ගුරු, ශු - ශුªක්‍ර, ශ - ශනි, රා - රාහු, කේ - කේතු 

පාප ග්‍රහයෝ

ක්ෂිණේන්ද්‍ර මන්ද රවි රාහු ශ්‍රීඛී ක්ෂමාජඞ 

පාසස්තු පාපයුත් චන්ද්‍රසුතශ්ව පාපාඞ 

ක්ෂීණ චන්ද්‍රයාද, සෙනසුරු, ඉරු, රාහු, කේතු, අඟහරු ද ඔවුන් හා යුක්ත වූ බුදහුද, පාප ග්‍රහයෝ නම් වෙති. පූර්ණ චන්ද්‍ර, බුද, ගුරු යන මොවුහු සෞම්‍ය ග්‍රහයෝ නම්වෙති. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.