ලග්නය අනුව ආදරය පිළිබඳ බලපෑම්

නොවැම්බර් 6, 2020

ආදරය වනාහි ඉතාම මනස්කාන්තය. එසේම අහිංසකයි. ස්ත්‍රී, පුරුෂ ආදරය විටෙක කාමය පසුබා යන්නේ ය. එවන් ආදරයක් රාශි 12ට කොතරම් දුරට බලපාන්නේ ද කියා විග්‍රහයක යෙදීම තරුණ තරුණියන්ට විශේෂ වන්නේ යැයි සිතීම යහපතක් යැයි මට සිතේ. එසේ නම් විග්‍රහකර බලමු.

මේෂ - ආසාවන් අධිකයි. ලිංගික තෘප්තිය නිතර අවශ්‍යයි. පසුබට නොවන කලහකාරී ආදර සම්බන්ධකම් බහුලය. සිතෙහි ඇතිවන ආශාවන් සංසිඳවා ගැනීමට බොහෝ ඉඩකඩ ඇතිවේ.

වෘෂභ - යමක් හොඳින් තෝරා බේරා ගැනීමේ හැකියාවක් ඇත. ලැබෙන අවස්ථා අනුව ආදර සම්බන්ධතා හෝ විවාහය පිළිබඳව හොඳින් සලකා බලා තීරණ ගැනීම සිදු කරයි. විරුද්ධ පාර්ශිකයා තමන් වෙතට පැමිණෙන තෙක් බලා සිටියි. බලවත් හැඟීම් ඇත.

මිථුන - ආදර සම්බන්ධතා හා විවාහය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට යොමු වෙයි. එකවර දෙදෙනෙකු සමඟ වුවද ආදර සම්බන්ධතා පවත්වාගන යාමට යොමු වේ.

කටක - බාහිරව ඉතා මෘදු වේ. විරුද්ධ ලිංගික පහත් තත්ත්වයේ අය සමඟ රහස් සම්බන්ධතා පවත්වාගන යාමට යොමු වේ.

සිංහ - පවතින අහංකාර ස්වභාවය හේතුවෙන් ජීවිතයේ සතුට ප්‍රේමය සබඳතා ගොඩ ගැනීම් හා විවාහ සැප ලැබීම් ඉතා අඩු වන්නේ ය.

කන්‍යා - ලජ්ජාශීලී වුවද විරුද්ධ ලිංගිකයින්ගේ සිත දිනා ගැනීමට උනන්දු වෙයි. ඇසුරු කිරීම් තුළදී අක්‍රීය බව මෙන්ම අවනත බවද පෙන්වයි.

තුලා - වර්ගකර හඳුනා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් තමන්ට ගැළපෙන සහකරු, සහකාරිය තෝරා ගැනීම දක්ෂ වේ.

වෘශ්චික - ලිංගික හැඟීම් අධිකයි. ආදරය සම්බන්ධව නිරිභීතතාවය ධෛර්ය සම්පන්න වේ.

ධනු - එක්වර ප්‍රේම සම්බන්ධතා දෙකක් වුවද පවත්වාගෙන යාමට යොමු වේ.

මකර - ආරක්ෂාකාරී ලෙස ජීවිතයේ සැප විඳීමට යොමු වේ. නමුත් ඒ සම්බන්ධව මුදල් වියදම් නොකරයි. ආදර සම්බන්ධතාද ඒ අයුරින්ම වේ.

කුම්භ - එකවර ආදර සම්බන්ධතා දෙකක් වුවද පවත්වාගන යාමට යොමු වෙයි.

මීන - කල්පනාකාරීව, දූරදර්ශීව ක්‍රියා කරයි. සිය මානසිකත්වය අනුව හෝ උනන්දුව හෝ පසුබෑම වෙයි.

මෙහි දක්වා ඇත්තේ වරහ මිහිර ආචාරිගේ හෝ රාසාරය දක්වා ඇති උපදෙස් සමූහයක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.