අඟහරුගේ අසිරිමත් ග්‍රහ මාරුවක්

දෙසැම්බර් 18, 2020

ධර්ම කර්මාධිපති රුචක, සස, චන්ද්‍ර මංගල, අර්ධ ගජකේෂරී, රවි බුධ, ආධිත්‍ය. නීච භංග රාජයෝගය , ගුරු ශනි, සත්කලාත්‍ර, සත්කාම ධේනු, කාලසර්ප,ලක්ෂ්මී. වෙශි, වොශී, උභයචාරි . සරලා, විමල ආදී ඊසැර වෙඩි සැර බලැතිව කෝටියක් දෝෂ භංග කරමින්

ශනි චන්ද්‍ර – ගුරු චන්ද්‍ර, ශනි කුජ, චතුර් කෝණ දෘෂ්ටිය, රවි බුධ, ප්ලූටෝ, යුරේනස් කුජ, චන්ද්‍ර, ත්‍රිකෝණ දෘෂ්ටිය මේෂ රාශිය. මේෂ නවාංශකය. අස්විද 01 පාදය, ආශි‍්‍රතව උත්තරායනය සිසිර ඍතුවෙහි ධනු රවි 09 භාග උදුවප් මහේ පුර දසවක තිථිය ලත් දෙසැම්බර් 24 වෙනි ගුරු දින පෙරවරු 10.18 ට සෞර ග්‍රහ මණ්ඩල පාරාදීසයෙහි සෙන්පති භූමි පුත්‍ර අඟහරු බ්‍රහස්පති හිමි ධනු රාශියෙහි විරාජමාන වෙන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි කුම්භ රාශි ගත උදා ග්‍රහ සටහන මෙසේය. නැප්චූන් නිවෘතව සමය උදා කුම්භයේදී සමවක්‍ර , යුරේනස් නිවෘත අඟහරු ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ චන්ද්‍රයා සමව 03 වැන්න වූ වික්‍රම ස්ථානගතවද උච්ච ක්ෂේත්‍රව රාහු 04 වැන්නේද කේතු උච්චක්ෂ්ත්‍රව සිකුරු සමව 10 වැන්න වූ කර්මස්ථානගතවද ප්ලූටෝ , රවි මිත්‍රශීලිව බුධ සමව අය ස්ථානය වූ 11 වැන්නේ බ්‍රහස්පති නීචව සෙනසුරු ස්වක්ෂේත්‍රව වැය ස්ථානය වූ 12 වැන්නේද තැන්පත්ව ශ්‍රී ලංකා ජනරජ සිංහ සහ විශ්ව මේෂ රාශි ග්‍රහ සටහන් සමඟ රාශි දොළසට ද අසිරිමත් කාල පරාසයක් උදා කරවන්නේය. උදාරතම සමාජ පරිවර්තනයක් තිරසාරව උදාවෙනු විද්‍යමාන විය හැකිය.

මේෂ රාශිය – සබඳතා , විවාහ ගිවිසුම් . බාධා අවහිර, ප්‍රමාද දෝෂ තුළින්ද සිතැඟියාවන්හි මල් ගැන්වෙයි. අධ්‍යාපන ,රැකියා ආදායම් මාර්ග, ඇතුළුව කර්ම ජීවිත පසුබිම ගිලිහී වින්දනය පසුබිමක් උදා කරෙයි. ගෘහ ජීවිතය මෙන්ම සමාජගත දිවිය සතුටුදායක බවට පාත්‍ර වෙයි.

 

වෘෂභ රාශිය – නීතිමය ගැටලු. මෙන්ම වසංගත රෝගාබාධ ග්‍රහණය විය හැකි බැවින් බුද්ධිමත්ව මානසික සහනය පතා ක්‍රියා කළ යුතුවෙයි. සමාජගත සහ විවාහ ගිවිසුම් සබඳතා අධ්‍යාපන, රැකියා ආදායම් මාර්ග ක්‍රියාකාරකම් මන්දගාමි බවෙන් මිදීයයි.

 

මිථුන රාශිය – ධනය බලය ළඟා කෙරෙන සැණකෙළි පි‍්‍රය සම්භාෂණ ආශි‍්‍රතව ගෘහ ජීවිතය තෘප්තිමත් බවට ග්‍රහණය වෙයි. අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග සමාරම්භක ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළ හැකි ශක්තිය ධෛර්ය උදාවෙමින් ප්‍රසිද්ධිය, කීර්තියට ද පාත්‍ර කෙරෙයි.

 

කටක රාශිය – දැඩි මානසික සංයමයක් සක්‍රීය කොට දූරදර්ශීව බුද්ධිමත් දැක්මකින් ක්‍රියාත්මක වීමෙන් ආර්ථික, සමාජ, සංස්කෘතික ක්ෂේත්‍රයන් ආලෝකමත් කර ගැනීමේ ප්‍රවණතාවක් උදා කරගත හැක. ජන සම්මතවාදය ගරු කොට වර්තමානය මෙන්ම අනාගතය සාර්ථක වෙන්නෙකි.

 

සිංහ රාශිය – ධනෝපායන ක්‍රමවේදයන් සාර්ථක බවට පැමිණෙයි. රැකියා ආදායම් මාර්ග, සබඳතා විවාහ ගිවිසුම් , අධ්‍යාපන, සෞඛ්‍යය, අධිකරණය, සමාජ ගත සුබසාධන ක්‍රියාකාරකම් ඇතුළුව ගෘහ ජීවිතය ආශි‍්‍රත ක්‍රියාකාරකම් සතුටුදායක බවට පාත්‍රවෙයි.

 

කන්‍යා රාශිය – ජව බලසම්පන්නව අවබෝධ ඤාණයෙන් සාර්ථකත්වය කරා යොමුවෙයි. සිතෙහි පී‍්‍රතිය, සතුට උදාකෙරෙන සිතැඟියාවන් ඉටුවන කාල පරාසයකි.

 

තුලා රාශිය – දෙස් විදෙස් සංචාරක කොන්ත්‍රාත් පදනමේද වාණිජමය ක්ෂේත්‍රයේද ක්‍රියාකාරකම් සඳහා ශුභවාදී ග්‍රහ මාරුවෙකි. බාධක අවහිර මර්දනය වෙයි. අධ්‍යාපනය , රැකියා ආදායම් ද ගෘහ ජීවිතය ආශි‍්‍රතවද අරමුණු සඵල වෙයි.

 

වෘශ්චික රාශිය – අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබට වූ උත්සාහයෙන් නිර්ණාමික සතුරු උවදුරු මර්දනය කොට ලෞකික දිවිමඟෙහි සියලු බලාපොරොත්තුව සාර්ථක කෙරෙනු ඇත.නව ගමන් මඟක් උදාවෙයි.

 

ධනු රාශිය – ධර්ම කර්මාධිපති යෝග බලය, නාථ යෝගය, ඇතුළු ප්‍රබල යෝග රැසකගේ බලයෙන් පෙර පින් මතු කෙරෙන, කාල පරාසයකි. සිතැඟියාවන් සාර්ථක වෙයි.

 

මකර රාශිය – නිර්මාණශීලි අරමුණු එකිනෙක සාර්ථක කෙරෙමින් ප්‍රභූජනයාගේ අනුග්‍රහයෙන් ජීවිතයේ ප්‍රමාදවූ සිතැඟියාවන් අප්‍රමාදව ඉටුවෙයි.

 

කුම්භ රාශිය – මන්දගාමී අධ්‍යාපන, රැකියා,ආදායම් මාර්ග සබඳතා, විවාහ ගිවිසුම්. සමාරම්භක ක්‍රියාදාමයන් සතුටුදායක වෙයි.

 

මීන රාශිය – 10 වැන්නේ අධිවේගී යෝග බලය නොසිතූ ලෙස අරමුණු සඵල කෙරෙන මන්දගාමිබව දුරස්වීමෙන් පින්සාර වාසනාවන්ත කාලපරාසයක් උදාවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.