දෙසැම්බර් 14 දා පූර්ණ සූර්යග්‍රහණයෙන් පරිසර හානි තව දුරටත්

දෙසැම්බර් 11, 2020

නීච භංග රාජ යෝග – රවි බුධ ආධිත්‍ය –පාපකර්තරී ගුරු ශනි යෝග බලැතිව, රවි බුධ , චන්ද්‍ර, සිකුරු, රවි කේතු, රවි චන්ද්‍ර, බුධ චන්ද්‍ර, සංයෝග චන්ද්‍ර, කුජ, කුජ ශුක්‍ර, කුජ කේතු, බුධ කුජ, ,රවි කුජ ත්‍රිකෝණ දෘෂ්ඨි , කුජ ශනි, කුජ ගුරු ෂඩ්කෝණ දෘෂ්ටි ආශි‍්‍රතව දක්ෂිණායනය, හේමන්ත, ඍතුවෙහි වෘශ්චික රවි 29 භාග ඉල්මහේ අව අමාවක තිථිය ලත් දෙසැම්බර් 14 සඳු දින වෘශ්චික රාශිය දෙට 04 පාදය සම්භව මධ්‍යම රාත්‍රී 09.45 ට පූර්ණ සූර්ය ග්‍රහණයක් විශ්ව තාරකා මන්දාකිණියෙහි 2020 අවසන්වරට දැඩිමුවහත් වීමකින් සිද්ධ වෙන්නේය.

 

01-04 අධිපති බුධ ග්‍රහයා 22 වෙනි මාරක දෙර්කාණාධිපති මෙන්ම මාන්දි ග්‍රහයා ලෙසටද 07.10 අධිපතිව බ්‍රහස්පති බාධක ග්‍රහයා ලෙසටද මිථුන උදාරාශිගතව චන්ද්‍ර නීචව රවි මිත්‍රශීලිව කේතු උච්ච ක්ෂේත්‍රව රවි මිත්‍රශීලිව බුධ සමව සිකුරු සමව රෝග සතුරු ස්ථාන ගත වූ 06 වැන්නේද මිත්‍රශීලිව නැප්චූන් 07 වැන්නේද නීච ක්ෂේත්‍ර ගුරු සමඟ ස්වක්ෂේත්‍ර සෙනසුරු 8 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද නැප්චූන් සමව, 09 වැන්නවූ භාග්‍යස්ථාන ගතවද අඟහරු මිශ්‍රශීලිව 10 වැන්න වූ කර්මස්ථානගතවද වක්‍ර යුරේනස් සමව අයස්ථානය වූ 11 වැන්නේද තැන්පත්ව ඇත. රාහු උච්ච ක්ෂේත්‍රව 12 වැන්න වූ වැය ස්ථානගතව තැන්පත්ව යෙදී ඇත.

මහා පෘථිවිය සූර්යයා වටා නිරතුරුව ගමන් කරන අතර, චන්ද්‍රයා පෘථීවිය වටා ගමන් කරනු ලබන්නේය. සූර්යයා සහ පෘථිවිය අතර චන්ද්‍රයා පැමිණ එක එල්ලේ තැන්පත්වූ විට චන්ද්‍රයාගේ ඡායාව හෙවත් සෙවණැල්ල පෘථිවියට ග්‍රහණය වෙයි. මෙකී මොහොතෙහි සූර්යයා නොපෙනී යයි. සූර්ය ග්‍රහණයකදී චන්ද්‍ර සූර්ය දෙදෙනා එකම රාශි නැකත් පාද නවාංශකයක තැන්පත් වෙන්නෙකි. ග්‍රහ යුද්ධ මෙන් මෙහි ජය පරාජ ප්‍රශ්නයක් නොමැත. සූර්ය චන්ද්‍ර දෙදෙනාම අධිපීඩනයට පත්ව ඔවුන් ගමන් කළ නැකත් රාශි දුර්වලවීයයි. මෙවැනි අශුභ කිරණ පෘථීවි වාසිනට ද විවිධ රාජ්‍යයනටද ග්‍රහණය වීමෙන් අනියම් හේතු සාධකයනට බලපෑම් නිර්මාණය වෙයි.

රවි හිමි සිංහ රාශි ශ්‍රී ලාංකේය ජනරජ කේන්දර සටහන මෙන්ම අඟහරු හිමි මේෂ විශ්ව කේන්ද්‍ර සටහනද සමතුළිතව සළකා බැලීම ආරක්ෂාව සඳහා වැදගත් වෙයි. ජල, ගිනි, වායු , විපත්ති, පාරිසරික, හානිකර බව, හදිසි අනතුරු, මාරාන්තික වසංගත භූ චලන, කුණාටු බලපෑම්, මූල්‍යමය වූ දුෂ්කරතා, අනියම් සබඳතා , දූෂණ ඇතුළුව ජන ජීවිත නොසන්සුන්බවක් ඉදිරියෙහි විද්‍යමාන විය හැකියි. සූර්ය සතර දළදා පිහිටයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.