2024.03.28 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මාර්තු 28, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.11
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - දවල් 01.47 - 03.19
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ සැලසෙන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකී බව මඟහැරී යන දිනයකි.

වෘෂභ

අමතර වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. අමනාප වූ කෙනකු සමඟ හිතවත්වීමට මඟ සැලසෙන දිනයකි.

මිථුන

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. අලුත් ඥාතිමිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි.

කටක

නැති වූ දෙයක් නැවත හිමි කරයි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතුයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

සිංහ

උත්සහවන්තව කටයුතු සිදු කරයි. එහෙත් නොසිතූ අලාභයක් සිදුවිය හැකි දිනයකි. අමතර ලාබ හිමි කරන මාර්ග කීපයක් යෙදේ. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

කන්‍යා

ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

තුලා

ඉවසිලිවන්ත ලෙස කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. වෙනදාට වඩා මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

ධනු

ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න.

මකර

සිත් කලකිරීම් බහුල කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අමතර ලාබ හිමි කරන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. අවිවාහකයන්ට සුබදායකයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මීන

අලුත් බලාපොරොත්තු ඇති කරයි. පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයක් වන අතර පැවැති බාධා කීපයක් මඟ හැරී යයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.