2024.04.16 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 03.14 - 04.47
සුබ දිශාව - උතුර

 

මේෂ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. තනතුරු ලාබයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරයි.

වෘෂභ

පැවැති අවිවේකී බව මඟහැරී යයි. ගේ දොර සැප පහසුවට කරුණු ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවකට ඇරයුමක් ලැබේ. සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

ගතට සිතට සැනසීම උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. වරින් වර උදරගත ආබාධයක් මතුවිය හැකි බවක් පෙනේ. නිතර තනිව කටයුතු කිරිමට කැමැති දිනයකි.

කටක

නිතර වගකීම් වැඩි කරයි. පිරිසක් සමඟ එකතු වී කරන කටයුත්තක් සාර්ථක කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

සිංහ

නිවසේ සතුට අභිවෘද්ධිය උදා කරයි. නිතර තමාට පිටස්තර අයගෙන් උපකාර හිමි කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

කන්‍යා

මූල්‍යමය කටයුතු කීපයකින් වාසි කීපයක් අත් කරයි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන දිනයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. ශාස්ත්‍රීය කටයුතුවල සම්බන්ධවිමට අවස්ථාව සැලසේ. පවුලට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුවක්කාර ලෙස තීරණ ගන්නා දිනයකි. නොසිතූ පාඩුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හිතවතකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

ධනු

පවුලේ වගකීම් බහුල කරයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන බවක් පෙනේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

මකර

ගෘහ ජීවිතයේ කටයුතු අධික කරන දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. වියදම් අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

කුම්භ

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගනුදෙනුවක් සාර්ථක කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. වෙනදාට වඩා ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.