තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතා

නොවැම්බර් 26, 2021
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ප්‍රධානම දුර්වලතාවය වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් තයිරොක්සින් හෝමෝනය නිපදවීමයි
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා වළක්වා ගන්න අවධානය ඉතා වැදගත්

කාන්තාවන් තුළ ඇති වන පිළිකා අතර තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා තරමක් සුලබ බව පසුගිය වර්ෂ පනහක පමණ වෛද්‍ය සමීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීම මඟින් හෙළිදරව් වී ඇත. මේ අනුව තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා කාන්තාවන් අතර බහුලව ඇතිවන තුන්වන ප්‍රබල පිළිකා තත්ත්වය බවද වාර්තා වේ.

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු අපේ සාමාන්‍ය දෛනික ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන තයිරොක්සීන් හෝමෝනය නිපදවා ස්‍රාවය කරන අන්තරාසර්ග ග්‍රන්ථියයි. අප ආහාරයට ගන්නා දේවලින් අයඩීන් සංඝටකය අවශෝෂණය කරගත හැකි සෛල පිහිටන එකම තැන තයිරොයිඩ් ග්‍රන්ථියයි. එමෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියට යාබදව පිහිටි පැරා තයිරොයිඩ් ග්‍රන්ථි මඟින් ශරීරයේ කැල්සියම් මට්ටම පාලනයට අත්‍යවශ්‍ය කැල්සිටොනින් සහ පැරතෝර්මෝන් වැනි හෝමෝනද ස්‍රාවය කරයි. එමෙන්ම මොළයේ පිහිටා තිබෙන පිටියුටරි ග්‍රන්ථිය සමඟ ද සෘජු සම්බන්ධතාවයක් තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් පවත්වාගෙන යයි. එම සම්බන්ධතාවය කොතරම් වැදගත් වන්නේ ද යත් යම් හේතුවකින් තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් මූලික තයිරොක්සීන් හෝමෝනය නිපදවීම අඩාල කළහොත් ඒ සඳහා පිටියුටරි ග්‍රන්ථිය මඟින් තාවකාලිකව තයිරොක්සීන් හෝමෝනය සැපයීමට ක්‍රියා කරයි. මේ අනුව පිටියුටරි ග්‍රන්ථිය තයිරොක්සීන් නිපදවීමට නිසැකවම ක්‍රියා කරයි.

තයිරොක්සීන් හෝමෝනය දෙයාකාරයි.

සාමාන්‍යයෙන් දෛනිකව අප ආහාර ලෙස ගන්නා ආහාර තුළින් උකහා ගන්නා අයඩීන් තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිකුත් කරන තයිරොක්සීන් සමඟ එකතු වී තයිරොක්සීන් හෙවත් ටී3 සහ තයිඅයඩොතයිරොනීන් හෙවත් ටී4 යන හෝමෝන දෙවර්ගයක් නිපදවයි. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිකුත් කරන තයිරොක්සීන් ස්‍රාවයේ 80% ක් තරම් ප්‍රමාණයක් අඩංගුª වන්නේ තයිඅයඩොතයිරොනීන් හෙවත් ටී4 හෝමෝනය වන අතර 20%ක් තරම් වන ඉතිරි ප්‍රමාණය ටී3 හෙවත් තයිරොක්සීන් වේ. මේ හෝමෝන දෙවර්ගයම ශරීරයේ සෑම සෛලයකම ක්‍රියාකාරීත්වය හා සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා ඉතාම වැදගත් කාර්යභාරයක් සිදු කරයි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ප්‍රධානම දුර්වලතාවයන් වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තයිරොක්සීන් හෝමෝනය නිපදවීමයි. තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තයිරොක්සීන් නිපදවීම හඳුන්වනන්නේ

ඩ්රනධබඩරපධඪඤඪඵථ ලෙසයි. මෙම තත්ත්වය හඳුනාගත හැකි මූලික රෝග ලක්ෂණ වන්නේ යමක් කෙරෙහි නිසි අවධානය යොමු කළ නොහැකි බව, ආහාර අරුචිය, කොණ්ඩය යාම, ශරීරය මහත් වීම, දැඩි අලස බව හා විඩාබර බව ආදී තත්ත්වයනුයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛලවල ක්‍රියාකාරීත්වය අඩාල වීම මීට හේතුවේ. තයිරොක්සීන් නිපදවීම අඩු වීමේ රෝගී තත්ත්වය ඇතැම් කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුවද තාවකාලිකව ඇතිවිය හැකිය. නිසි ලෙස අයඩීන් සිරුරට නොලැබී යාම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීමට සෘජුවම බලපායි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය

මෙම තත්ත්වය හඳුන්වන්නේ ඩ්රනධබඩරපධඪඤඪඵථ ලෙසයි. තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් අවශ්‍ය ප්‍රමාණයට වඩා තයිරොක්සීන් හෝමෝන නිපදවීම නිසා දෑස් විශාල වීම, සිරුර කෙට්ටු වීම, අත් වෙව්ලීම, සාමාන්‍ය තත්ත්වයට වඩා හෘදයේ ගැස්ම වැඩිවීම, විශාදය, නින්ද නොයාම හා අධික ආහාර රුචිය වැනි රෝග ලක්ෂණ ඇතිවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වයට බලපාන හේතු

තයිරොයිඩ් ග්‍රන්ථිය අධික ලෙස තයිරොක්සීන් හෝමෝන නිෂ්පාදනය කරමින් ඒවා එක්වරම මුදා හැරීම නිසා ඇතිවන ‘තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය’ හෝ යම් යම් රෝග සඳහා අයඩීන් අන්තර්ගත ඖෂධ අධික ලෙස භාවිත කිරීම මෙයට හේතුවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමට බලපාන හේතු.

තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම මෙන්ම එහි අධි ක්‍රියාකාරිත්වය හා අව ක්‍රියාකාරීත්වය තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවලට බොහෝ විට හේතු වෙයි. සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයට වඩා විශාල වීම පිළිකාවක ප්‍රමුඛ ලක්ෂණයක්ද වේ. එලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීමක් සිදු නොවී තිබියදීත් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය නිසා මෙන්ම අව ක්‍රියාකාරිත්වය නිසාද තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයන් ඇතිවිය හැකියි.

ගැටලු හඳුනාගත හැකි පරීක්ෂණ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු හඳුනා ගැනීම සඳහා රුධිරයේ තයිරොක්සීන් පරීක්ෂාවක්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් (උතබපචඵධභදඤ ඉජචද) පරීක්ෂණයක් සිදු කිරීම මූලිකවම ප්‍රමාණවත් ය. වෛද්‍යවරයා විසින් නියම කරන තවත් පරීක්ෂණ කීපයක් තවදුරටත් සිදු කිරීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වී තිබෙන අසාමාන්‍යතා නිරවුල්ව හඳුනාගත හැකි ය.

ප්‍රතිකාර හා අතුරු ප්‍රතිඵල

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වීම සහ වැඩි වීම පාලනය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර පවතී. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමී පිළිකා තත්ත්වයක් ඇති වී තිබේ නම් මුල් අවස්ථාවේදී ශල්‍ය කර්මයක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩක් හෝ එය සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් වුවද සිදු කරයි.

මුල් කාලයේදීම හඳුනා ගැනීමෙන් ඖෂධ ලබාදීම මඟින් පිළිකා තත්ත්වය මුලදී වළකාගත හැකි අවස්ථාද පවතී.යම් හෙයකින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ශල්‍ය කර්මයක් සිදු කිරීමට සිදුවුවහොත් කටහඬ සහමුලින්ම ඉවත්ව යන බවට මතයක් පැතිර තිබුණත් තාවකාලික කටහඬ වෙනස්වීම්වලට බඳුන්වීමට ඉඩ ඇති බව පමණක් ප්‍රකාශ කළ හැකියි. ඒ හැර තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇති පැරාතයිරොයිඩ් ග්‍රන්ථියට හානිවීමෙන් අවශ්‍ය තරම් කැල්සියම් ස්වභාවිකව ශරීරයට නොලැබෙන නිසා කැල්සියම් පිටතින් ලබා ගැනීමට ද සිදුවේ.

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.