වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
අර්ධ සූර්යග්‍රහණය අප රටට කෙසේ බලපාවිද?
ඔක්තෝබර් 21, 2022
සූර්ය ග්‍රහණයක දී තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන ලග්නයත්, වර්ගෝත්තම මීන නවාංශකයක් උදාව පවතී. තත්කාල කේන්ද්‍රයේ ගුරු ලග්නගතව යුරේනස් දෙවැන්නේ ද කුජ හතර වැන්නේ ද සත් වැන්නේ බුධ ද අටවැන්නේ රවි, චන්ද්‍ර, සිකුරු ද එකොළොස් වැන්නේ සෙනසුරු සහ දොළොස්වැන්නේ නෙප්චූන් ද සිටියි. මෙහි ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගත් කළ රටට සහ රට කරවන අයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. විරුද්ධ පාර්ශ්වයන් ගේ වාද විවාදවලට ලක් වේ. විදේශ මැදිහත්වීමෙන් මූල්‍යමය තත්ත්වයන් ඉහළ නැංවී අපේක්ෂිත ආර්ථික කළමනාකරණය සමඟින්ම මුදල් හා සම්බන්ධ ගිවිසුම් ඇතිකර ගනී. විවිධ අංශ මඟින් මහ බැංකුව පොහොසත් වෙයි. රජය විවේචනය කිරීම අඩුවක් නොවන නමුත් පරිසර විපත් වැඩිවේ. මාර්ග අනතුරු හේතුවෙන් මගී ජීවිතවලට හානි. මුදල් අවභාවිතා කරන අයට නීතිමය පියවර. සොර සතුරු උපද්‍රව වැඩි වෙන අතරම එවැනි අය නීතියේ රැහැනට. ප්‍රභූ මරණ ගැන අසන්නට ලැබේ. නාවික හා පතල් ආශ්රිත සේවා නියුක්ත අයට විපත්. කාර්මික ජීවන තත්වයන්ට පැමිණීමෙන් විපත් අවම කරගන්න.
-----------------
මහරගම ‘අපේක්ෂා රෝහලේ’ ළමා වාට්ටුවට වටිනා ඖෂධ සහ ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී 1 ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක් සහ ක්‍රීඩා භාණ්ඩ රැසක් මහරගම ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මැතිතුමා වෙත භාර දුන් අවස්ථාවයි මේ.
සත්වන වරටත් ‘ලෝක ළමා දිනයේදී’ මහරගම ‘අපේක්ෂා රෝහලේ’ පැවති මෙම උත්සවය සඳහා සිංහ සමාජයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහත්ම මහත්මීහු සහ සිසුහු රැසක් සහභාගි වූහ. මෙහි වමේ සිට දකුණට, කර්නල් සිංහ ප්‍රදීප් සේරසිංහ, රෝහල් ලේකම් ප්‍රදීප් රසාංග, සිංහ සමාජ සංවර්ධන සහ කලාපීය සභාපති සිංහ ඇන්ටන් ජයමාන්න, ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජයේ’ සභාපති සිංහ ධම්මික ගුණසේකර, විශේෂ ආරාධිත හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා, ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, ඖෂධ ව්‍යාපෘතියේ සභාපතිනි සිංහ යමුනා සෙනෙවිරත්න, සිංහ ඩියානි ප්‍රනාන්දු, භාණ්ඩාගාරිකා සිංහ ෂෙරීන් ෆොන්සේකා, ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ සිංහ අනුර සී. පෙරේරා සහ සිංහ රනුක දිසානායක යන මහත්ම මහත්මීහු වෙති.
෴ සබැඳි ලිපි ෴
ඇඟිලි ගැන කීමේදී ඇඟිලි අග පවත්නා නිය පොතු අමතක කළ හැකි නොවේ. ශරීරයේ දෑතේද, දෙපයේ ද ඇඟිලි කෙළවර උඩ පැත්තේ නියපොතු පිහිටා ඇත. රළු ඝණ නියපොතු සහිත ඇඟිලි...
2024-04-18 18:30:00
අලුත් අවුරුද්දේ අලුත් වන සිතිවිලි සමඟ වසර පුරා ඔබට ජය ගෙනෙන බුද්ධ වන්දනා කීපයක් මෙසේ ඉදිරිපත් කරමු.එදිනෙදා කටයුතුවලදී ඔබට මේ වන්දනා යොදා...
2024-04-18 18:30:00
ඕං අකික්කා මුප්පත්තු ඉතිපි සෝ භගවා අරහං නන්දිරික්කාල් උච්චං පදිනේට්ටු තරියානෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං අසුර...
2024-04-18 18:30:00
අප්‍රේල් 12 වැනිදාඅප්රේල් 12වැනිදා උපන් ඔබේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ...
2024-04-18 18:30:00
ඔබගේ ජන්ම පත්‍රය කේන්ද්‍රය දෙස නෙත් යොමු කරන්න. එය ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් යනුවෙන් සඳහන් වනු පෙනෙනු ඇත. මෙහි පමණක් නොව ඡ්‍යොතිෂ් ශාස්ත්...
2024-04-11 18:30:00
සිංහල අලුත් අවුරුද්ද හා කැවිලි පෙවිලි අතර පවතින්නේ ගහට පොත්ත මෙන් සහසම්බන්ධ වූ බැඳීමකි. අලුත් අවුරුදු කාලයට ලංකාවේ සිංහල-දෙමළ සෑම නිවෙසකම පාහේ ආහාර...
2024-04-11 18:30:00
සෑම සියලු දෙනා එළඹෙන අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙමින් සිටී. ඒ‘ අනුව අද මා ඹබ වෙත ඉදිරිපත් කරන්නේ එළඹෙන නව වසරේ වසර පුරාම සෙනසුරු, අගහරු ඇතුළු...
2024-04-11 18:30:00
සිංහල අවුරුදු ඉතිහාසයේ මේ භාග්‍යවත් මාසය ලෙස හඳුන්වනු ලබන අප්‍රේල් මාසයෙහි අවුරුද්ද සඳහාම වූ කවි කලාවක් මුළු සිරිලක දෙණරපුරා එදා සිටම බිහිවී...
2024-04-11 18:30:00
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහකොවුලාගේ හඬත් සමඟ බක් මාසයේ අවුරුදු සිරිය දොරට වඩී. සතුට, සෞභාග්‍යය, එකමුතුව කැන්දන බක්මහේ එදා වසන්ත...
2024-04-11 18:30:00
මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර සිදු කිරීමේ නැකැත් වැරදි බව සඳහන් කරමින් මතයක් පළ වී ඇත. අප රටේ බොහෝ කාලයක සිට මේ සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ...
2024-04-11 18:30:00
හිරු රැස් ගලන සඳ මෝරන බක් මාසේ අසිරිය දිලේ හැම මොහොතෙම දිවා රැයේ ලොකු පොඩි සැමට සැනසුම දෙන බක්මාසේ බඩ කට පිරෙන ඵල වැල කමු නිරන්තරේ අඹ කජු පුහුලම් ද...
2024-04-11 18:30:00
පෙරදිග ශාස්ත්රවලින් එකක් ලෙස ගැනෙන ඡ්‍යොතිෂය සහ වාස්තු ශාස්ත්‍රය සමඟ සැබැඳි “කිරි ඉතිරවීමේ ආර්ය චාරිත්‍රය” ලොවට දායාද වූයේ මෙයට වසර 5000කට පෙර...
2024-04-11 18:30:00
සරු බව කියැවෙන බක්මාසය මැද අවුරුදු දිනයද ළං වෙනවා හට ගත්පෙපල බර ගස් ගෙඩි අතරට අඹ කජු ජම්බුත් එක් වෙනවා තැන් තැන්වල...
2024-04-11 18:30:00
පැරැණි මිනිසුන් තුළ තිබුණ විශ්වාස හා සම්ප්‍රදායන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට කෙතරම් උපකාරි වුණාද? මේ අතරින් නැකැත් බලා ගමන් බිමන් යොදා ගැනීම එහි...
2024-04-11 18:30:00
සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ කතා කිරීමේදී නැකැත්වලට මෙවර වෙනදාටත් වඩා වැඩි අවධානයක් යොමු වූ බව නොරහසකි. සිරිත් විරිත් නැකැත් මුවහත්වලින්...
2024-04-11 18:30:00
අවුරුදු උදාව හා නැකැත් පිළිබඳ වාදවිවාද පවත්වමින් මතභේදාත්මක ප්‍රකාශයන් ජ්‍යෝතීර්වේදීන් අතරින්ම පැන නැඟී මහජනයා තුළ සැකසංකා ඇති කළ අවුරුද්දකි 2024 වසර...
2024-04-11 18:30:00